
විෙජ්සිංහ මහත්තයගෙ දඬුවම් කෙරිල්ල
දැනට දශක පහකට පමණ එපිට රත්නපුර ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක සිදු වූවකි. මෙකී පාසලේ අංක ගණිතය විෂය ඉගැන්වීම සිදු කළේ විජේසිංහ නම් ගුරු මහතෙකි. ජාතික ඇඳුමින් සැරසුණු විජේසිංහ මහතා විෂය ඉගැන්වීමෙහිද නිපුණය. සිසුන්ගේ වැරැදි වැඩවලට කිසිදු සමාවක් නොදෙන එතුමා අනිවාර්යෙන්ම හොඳ වේවැල් පහරකින් සංග්‍රහ කරන බවද සිසුහු දැන සිටියහ. මේ පහර දීම්වලට වැඩිපුරම ලක් වූයේ පිරිමි ශිෂ්‍යයන්ය. ඒ කාලයේ ශිෂ්‍යයින් සරම හා කමිසය ඇඳ පාසලට පැමිණි නිසා සිසුනගේ සරම තරමක් කෙටි කොට පිටුපසට පහරදීම විජේසිංහ මහතාගේ පුරුදු දඬුවම් ක්‍රමය විය.
දිනක් විජේසිංහ මහතා දහවැනි ශ්‍රේණියේ ප්‍රතිශත සම්බන්ධ ගණිත කර්මය උගන්වමින් සිටියදී පන්තියේ කෙළවර අසුනක හිඳි විමලදාස නම් සිසුවාගේ නොමනා ක්‍රියාවක් දැක ක්ෂණයකින් සිසුවා හුනස්නෙන් පන්තියේ පිටුපසට ගෙන වේවැල් පහරක් දුන්නේය. පහර දීමේදී වෙනදා නැති ශබ්දයක් ඇසුණු විජේසිංහ මහතා මඳක් විපිළිසර විය. ඉරීගිය වියැළුණු කොළපත් කැබැල්ලක් සිසුවාගේ පිටුපසින් වැටුණේය.
විෙජ්සිංහ මහතාට කාරණය තේරුම් ගියේය. වේවැල් පහරින් බේරීම සඳහා මෙසේ පිටුපසට කොළපතක් තබා ගෙන එන බව වටහා ගත් විජේසිංහ මහතා සිසුවාට නියමිත අසුනේ වාඩි වීමට අණ කළේය.
“මෙහෙමයි උඹලට දඬුවම් කරන්නෙ අපේ වෛර පිරිමහන්ඩ නොවෙයි. උඹලගෙ හොඳට.” කියමින් පන්තියෙන් පිටව ගියේය.
සිරිසේන හෙට්ටිගේ
උඩනිරිඇල්ල