
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමේ ප්‍රතිශතය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2016 වසරේ උසස් පෙළ හැදෑරීම සඳහා 69.94%ක් සුදුසුකම් ලබා ඇති අතර, ඒ සංඛ්‍යාව 2017 වසරේදී 73.05%ක් දක්වා ගොස් තිබේ.
විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පෙන්වා දෙන පරිදි 2016 වසර සමඟ සසඳන විට මෙය 4.43%ක පමණ ඉහළ යෑමකි. ඉකුත් වසරේ සියලු විෂය සඳහා 'A' සාමර්ථ්‍ය හිමි කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224ක් ලෙස සටහන් වූ අතර, මේ වසරේදී එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් තිබේ.