
විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිපයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳ නිල මතය හෙට (02) ජනතාවට දැනුම් දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී ගන්නා තීරණය දැනුම් දෙන බව පක්ෂයේ ජාතික සංවිධායක හා විද්‍යා හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉකුත් 30 වැනිදා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මීට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.