දූෂණයට මඟ අවුරන ගිණුම්කරණ මෙහෙයුම | සිළුමිණ

දූෂණයට මඟ අවුරන ගිණුම්කරණ මෙහෙයුම

 කලට වේලාවට ජාතික මැතිවරණ පැවැත්විම සාමය ,සාමදානය අගයන යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ක්‍රමයක ප්‍රමුඛ අංගයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මේ සම්බන්ධයෙන් දැන් දැකිමට ඇත්තේ නොපිට පෙරළනු ලැබු තත්ත්වයකි. පසුගියදා අවසන් වු පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිඵලයන්ගෙන් පසු රටේ සමාජ ,ආර්ථීක ,දේශපාලන විෂයෙහි දිගින් දිගටම අපැහැදිලි අස්ථාවරත්වයන් මතු වෙමින් තිබෙනු නිරික්ෂණය කළ හැකිය.පැහැදිලිවම මේ වන විට රටේ දේශපාලන බල කඳවුරු තුනක් එකිනෙකට නොපෑහෙන ප්‍රතිපත්ති සමගින් ඊළඟ වසරේ එන ජනාධිපතිවරණයක ඒක පාර්ශ්වික ජයග්‍රහණයක් උදෙසා විවිධ ක්‍රමෝපායන් දියත් කරමින් පවතී. මේවායේ පිටුපස සිටි එක් නොදැමුණු නොදැහැම් පාර්ශ්වයක දරුණු කූටප්‍රාප්තියක් ලෙස ඉකුත් සතියේ අම්පාර සහ මහනුවර දීගන ආශ්‍රීතව සිදු වු සිද්ධින් කෙනෙකුට ඛේදවාචකයක් අයුරින් ගෙනහැර දැක්විය හැක. ව්‍යාජ ජාතිවාදයක් වපුරමින් පටු දේශපාලන බලලෝභීත්වය උදෙසා අහිංසක ජිවිත/දේපොළ බිලි දෙමින් සිදු වු මේ සිද්ධින් ලෝක ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ උතුම් වු නිර්මල බුද්ධ ධර්මයටද නිගාවන් ගෙන දෙමින් නිරායුධ මුසොල්මානුවන්ට එරෙහිව සිංහල බොදුනුවන් ගෙන ගිය ගෝත්‍රිකවාදි වර්ගවාදි ක්‍රියාමාර්ගයක් ලෙසිනි.

බලය උදෙසා ඇති කෙටිම මඟ ලෙස මෙලෙස ජාතිවාදය උළුප්පවා දැක්විම සිදු කළ යුතු යැයි කෙනෙකු සිතන්නේ නම් එවන් මනෝභාවයක් ඇති පාර්ශ්වයක් බලයට පත් විමෙන් පසු ඇති විය හැකි අනෙකුත් සමාජ, ආර්ථීක අන්තරාවන් ගැනද අප පුර්ව විමසුමකට බඳුන් කළ යුතුය. මන්ද, එවන් පාර්ශ්වයන් රජයන රාජ්‍යයක් නිතැතින්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැඩි ලෙස හුදකලා විමේ හැකියාවක් ඇති විය හැකි අතර ඒ හරහා විධිමත් ආර්ථීක ක්‍රියාකාරිත්වයන් බිඳ වැටී බුද්ධිගලනයන් වැඩි වර්ධනය වි රට නුගත්බවින් හා ඒකාධිපතිත්වයෙන් අග තැන්පත් කළු මුදල් රජයන ආරාජික රාජ්‍යයක් බවට පත් විමේ දැඩි අවදානමක් ඇති විය හැකි බැවිනි.

CCEM අහෝසි කිරීම අධ්‍යයනයට අගමැති කල් ඉල්ලයි

මේ ආකාරයෙන් රටේ ආර්ථීකයට වින කරන සාමාකාමි ජනජිවිතයට හානි පමුණුවන සිද්ධිදාමයන් මගින් ඉදිරියට ඇදි ගිය ඉකුත් සතියේ තවත් වාර්තා වු සුවිශේෂම කරුණක් වුයේ මෙතුවක් කල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) අහෝසි කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ කැබ්නට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමත නොවිමයි. ඊට හේතුව එම යෝජනාව තවදුරටත් අධ්‍යයනය කිරිමට තවත් කල් අවශ්‍ය බව අගමැතිවරයා කියා සිටිමයි.

රටේ ප්‍රධාන ආර්ථීක කටයුතු පිළිබඳ තීරණ ගැනිමේ ක්‍රියාවලිය කේන්ද්‍රගත එක් අධිකාරියක් වෙත ගොනු කළ යුතු බවත් ඒ අනුව තමාගේ මූලිකත්වයෙන් අගමැතිවරයා ද ඇතුළත්ව මෑතකදි පිහිටුවා ගන්නා ලද ජාතික ආර්ථික සභාව රටේ ප්‍රමුඛතම බලයලත් ආර්ථීක තීරණ ගැනිමේ අධිකාරිය ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිට ඇති බව සඳහන්ය.

දේශිය ආර්ථීකයට සවිය

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතිය ආරම්භයේදිම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳ ව දේශිය කර්මාන්තකරුවන් හා සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර ඇති බව රජය මේ අතරේ ඉකුත් සතියේ නිවේදනය කළේය.

රටක නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර සහ දේශීය කර්මාන්ත ශක්තිමත් වූ විට බව මෙහිදී පෙන්වාදි ඇති ජනාධිපතිවරයා දේශීය කර්මාන්තවල ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණ ගන්නා බව ද ප්‍රකාශ කර ඇත. පොදු ජනතාවට සහන සැලසීමේදී ද දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව ජනාධිපති මතයය

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගනිමින් එහි උන්නතිය සඳහා ගතයුතු තීන්දු, තීරණ රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වි ඇති අතර දේශීය කිරිපිටි කර්මාන්තය, දේශීය බිස්කට් කර්මාන්තය මෙන්ම දේශීය රථවාහන නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අනුගමනය කළයුතු ක්‍රමවේදයන් පිළිබඳවද අවධානය යොමු වි ඇත.

එමෙන්ම දේශීය ආයුර්වේදය කෙරෙහි එල්ලවී ඇති බලපෑම් සහ එහි උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

විදේශීය සිල්ලර වෙළෙඳසල් ජාලයකට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට අවසර ලබාදීම හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයින්ට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත උපදෙස් දි ඇත්තේ දේශීය කර්මාන්තවලට අභියෝගයක් වන කිසිදු විදේශිය ආයෝජනයකට ඉඩ නොදිය යුතු බවයි.

ඉහළ බැංකු පොලී අනුපාතය දේශීය කර්මාන්ත කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වි තිබු අතර, රාජ්‍ය බැංකු මගින් දේශීය කර්මාන්තකරුවන්ට සහන සලසා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කික්‍රියාවට නැංවීමට මේ වන විට සාකච්ඡා පවත්වා තිබෙන බවද කියා ඇත.

රටේ ආර්ථිකය ගොඩනැගීමේදී රාජ්‍ය අංශයේ සේම පෞද්ගලික අංශයේ දායකත්වය ද ඉතා වැදගත් බවද හෙතෙම කියා ඇත.

දේශීය කර්මාන්තකරුවන් විසින් එහිදි ඉදිරිපත් කළ ගැටලූ පිළිබඳ අවධානය යොමු කර ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමට අදාළ සියලූ රාජ්‍යබ ආයතනවල නියෝජිතයින්ගෙන් මෙන්ම දේශීය ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

සද්දන්ත ව්‍යාපාරවලට ස්වීඩන් අරමුදලක් බැල්ම හෙළයි

ස්විඩනය පදනම් කර ගනිමින් ලොව පුරා රාජ්‍ය කිහිපයක ස්වකිය ආයෝජන කළමණාකරණය කරන කළමනාකරුවෙකු වන Tundra Fonder සමාගම පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ආයෝජන හමුවකට එක් වෙමින් සඳහන් කළේ සමාජීය වගකීම් සහගත ආයෝජනයන් සඳහා තිරසාර ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් පසුවන බව යි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ -Tundra Fonder හමුව අමතමින් Tundra Fonder හි ප්‍රධාන ආයෝජක නිලධාරි / ආරම්භක සහකරු වන MattiasMartinsson මහතා පැවසුවේ ගෝලීය ආයෝජකයින් පාරිසරික හා සමාජීය වගවිමක් සහිත සමාගම්වල ආයෝජනය කිරීමට සූදානම් බවයි.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ ද්‍රවශිලතා අර්බුදයක් පවතින නමුත් ගෝලීය ආයෝජකයින් පාරිසරික හා සමාජීය වගවිමක් සහිත ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව ඔහු කියා සිටියේය.

දැනටමත් මෙම අරමුදල මෙරට කොටස් වෙළෙඳපොළ සමාගම් 9 ක ආයෝජනය කර ඇත.

මේ අතර මෙම හමුවට එක් වෙමින් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසා සිටියේ ඉදිරියේදි මෙරට ප්‍රමුඛ ලයිස්තුගත සමාගම් 50 සඳහා නව ගිණුම්කරණ හෙළිදරව් කිරිමේ ක්‍රියාදාමයක් හඳුන්වා දිමට යන බවයි. ඒ අනුව අදාළ සමාගම් ස්වකිය ව්‍යාපාරික කටයුතු සිදු කිරිමේදි දැරිමට සිදු වන විවිධ අල්ලස් දිම් හා දේශපාලන ආධාර ලබා දිම් ආදිය හෙළිදරව් කරවා ගැනිම සම්බන්ධයෙන් මෙහිදි කටයුතු කිරිමට නියමිතය.

මේ අතරේ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම වෙනුවට එම කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කරමින් ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම සුදුසු බව රජය කියයි. ඒ අනුව, එම කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මේ සතියේ රජයේ අනුමැතිය ලැබි ඇත.

පෙබරවාරි සංචාරක ආගමනය 19% කින් ඉහළට

2018 පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන පසුගිය වසරේ එම මාසයට වඩා 19.3% කින් වර්ධනය වී 235,618 න් වි ඇති අතර එහිදි පෙබරවාරි මාසයේ දී චීනයේ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී තිබ්. පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 70 ක් පමණ සංචාරක අදායම් උත්පාදන ප්‍රධාන වෙළඳපොළවල් 10 මගින් වාර්තා වී ඇත. පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි චීන සංචාරකයින් ගණන සියයට 42.3 කින් 35,929ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්දියානු සංචාරකයින් ගණන පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 25 කින් ඉහළ ගොස්32,914ක් වි තිබ්. බ්‍රිතාන්යෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 18කින් වර්ධනය වී 23,817ක් විය. ජර්මනිය සියයට 16කින් වර්ධනය වී 17,066ක් වූ අතර ප්‍රශයෙන් සියයට 21.3 කින් වර්ධනය වී 16,871ක් විය. රුසියානු සංචාරකයින් ගණන සියයට 22.3කින් වර්ධනය වී 11,043ක්වී ඇත. එක්සත් ජනපදය සියයට 22.7කින් වර්ධනය වී 5,984 ක් වූ අතර ඔස්ට්‍රේලියාව සියයට 27කින් වර්ධනය වී 5.693 ක් විය. ජපානයේ සිට පැමිණි සංචාරකයින් ගණන සියයට 10.6 කින් ඉහළ ගොස් 5.263 දක්වා වැඩි වී ඇති අතර යුක්රේනය සියයට 20.8කින් 5,138 ක් දක්වා වර්ධනය වී තිබේ.

සංගණන ඒකක ලැයිස්තුගත කිරීම

ජන හා නිවාස සංගණනය පදනම් කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සංගණන ඒකක, එනම් නිවාස, සමූහ වාසස්ථාන හා වාසය සඳහා නොවන ස්ථාන ලැයිස්තුගත කිරීම, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැ‍බේ. එම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලුම සමීක්ෂණ සඳහා වන සමීක්ෂණ රාමුව ලෙස මෙම ලැයිස්තුව භාවිත කරනු ලැබේ.

අවසන් වරට ජන හා නිවාස සංගණනය පවත්වන ලද 2012 වර්ෂයේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඇති වූ ආපදා, නව ජනාවාස ඇති කිරීම වැනි හේතු නිසා මෙම සමීක්ෂණ රාමුව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත.

ජන හා නිවාස සමීක්ෂණ නිවැරදිව සිදු කිරීමට මෙන්ම, ආපදා කළමනාකරණය, තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම ආදී කාරණාවන්හිදී ද මෙම දත්ත යොදා ගනු ලබන හෙයින් යාවත්කාලීන තොරතුරු තිබීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණයන්හි සහාය ද ලබාගනිමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි සංගණන ඒකක ලැයිස්තුගත කිරීම 2018 වර්ෂය තුළ සිදු කිරීමටත්, ඉන් ඉදිරියට සෑම වසර 02කට වරක් එම ක්‍රියාවලිය සිදු කිරීමටත් ජාතික ප්‍රපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් මේ සතියේ අනුමත කරන ලදී.

මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානය

මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

දුම්රිය, දුර ගමන් සේවා සහ ප්‍රාදේශීය බස් සේවා යන ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින් වඩාත් කාර්යක්ෂම, අඩු වියදම් සහිත පොදු ප්‍රවාහන පහසුකම් සැලසීම අරමුණු කෙරේ.

එම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන කළමනාකරණය, මෙහයවීම හා නඩත්තුව සහ මගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීම පිණිස එහි මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 306.79ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, පිටත වටරවුම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 2හි කාර්යයන් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (JICA) වෙතින් ලබා ගන්නා ලද ණය මුදලේ ඉතිරි වී ඇති මුදල් යොදා ගනිමින් මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ යෝජිත ඉදි කිරීම් සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්රකමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

වත්තල, මුතුරාජවෙල ප්‍රදේශය බස්නාහිර පළාත් මහානගර සැලැස්මට අනුව ඉදිකෙරෙන සේවා නගරයේ කොටසක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පිරවීම මඟින් එම ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක් වූ ඉඩම විවිධ ව්‍යාපෘති සඳහා බැහැර කරනු ලැබ ඇත. එහි ඉතිරිව ඇති ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබාදීමට පුවත්පත්වල දැන්වීම් පල කිරීම මඟින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ.

එහිදී ඉහළම මිල ගණන් ඉදිරිපත් කර ඇති John Keells Logistics (Pvt) Ltd., ආයතනය වෙත වසර 30ක කාලසීමාවක් සඳහා එකී ඉඩම් කොටස් 2ක බදු පදනම මත ලබාදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ෙම් අතර ව්‍යාපාරික පන්තිය, පළමු පන්තිය හා විශේෂ කාණ්ඩවල ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්යතන්තර ගුවන්තොටුපළේ විවේකාගාර 04ක් සහ මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි එක් විවේකාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම විවේකාගාරවල සේවය ලබාගනු ලබන දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඉහළ ප්‍රමිතියක් යටතේ ආහාර පාන සැපයීම (Catering Services) සිදු කළ යුතු වේ.

එබැවින්, එම කොන්ත්‍රාත්තුව, ඒ සඳහා හැකියාව ඇති, ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අනුබද්ධිත M/s SriLankan Catering Limited ආයතනය වෙත ඉදිරි වසර 03ක කාලසීමාවක් සඳහා පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක්

දැනට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ඉදිරි මාස 06 තුළ ජලාශවල ජල මට්ටම අඩුවීමක් අපේක්ෂා කළ හැකි අතර, එය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට බාධාවක් විය හැකි බව හඳුනාගනු ලැබ තිබේ. එබැවින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් කෙටිකාලීන විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමක් හරහා ලබාගැනීම පිණිස ලංසු කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබ්.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.063ක් බැගින් මෙගාවොට් 56ක විදුලිය ධාරිතාවක් M/s Aggreko International Projects Limited වෙතින්ද, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.367ක් බැගින් මෙගාවොට් 44ක විදුලිය ධාරිතාවක් M/s Heyleys Aventura (Pvt) Limited & SES Smart Energy Solutions Fzco වෙතින්ද මාස 06ක කාලසීමාවක් සඳහා මිල දී ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එමෙන්ම වාලච්චේන ප්‍රදේශයෙහි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරය වවුනතිව් ග්‍රීඩ් උපපො‍ළට සම්බන්ධ කෙරෙන බැවින්, එය 'වවුනතිව් සූර්ය බලාගාරය' ලෙස නම් කරනු ලැබ තිබේ.

එම සූර්ය බලාගාරය ඉදි කිරීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ආයතන 17ක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම (Build, Own & Operate) සඳහා වන කොන්ත්‍රාත්තුව, කිලෝවොට් පැය 1කට රුපියල් 11.86ක අවම මිලක් ඉදිරිපත් කර ඇති M/s Ex-Pack Corrugated Cartons (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රු.මි. 11,285ක වියදමින් වලස්මුල්ලට හා අඹතලේට පානීය ජල ව්‍යාපෘති

කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය සහ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාවපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමුඛතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම් ලබාගැනිමට රජයට හැකිව තිබේ. ඒ අනුව, ඔස්ට්‍රියාවේ Unicredit Bank of Austria බංකුව ඉහත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 61 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11,285 ක්) ණය ආධාර ලබාදීමට එකඟ වී ඇත.

කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ කිරම සහ කටුවන අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව කටුවන සහ වලස්මුල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවල ජීවත්වන 31,000 කගේ පමණ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දිනකට ජලය ඝන මීටර් 3500 ක් පිරිපහදු කල හැකි ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට නියමිතය. මේ සඳහා ඔස්ට්‍රියානු රජය තම බැංකුව මගින් යුරෝ මිලියන 10.48 ක පොලී රහිත සහනදායී ණය මුදලක් ලබා දෙනු ලබයි

ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමිව ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම යටතේ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගයෙහි අතුරා ඇති වසර 100 කට වඩා පැරණි ප්‍රධාන ජල නල පද්ධතිය, එම මාර්ග කොටසෙහි සිදුකරමින් පවතින සංවර්ධන කටයුතුවලට සමගාමීව සේවා පථයකට මාරු කිරීම සිදුවේ.

ව්‍යාපෘතියේ 85% වියදම පියවා ගැනීම සඳහා ඔස්ට්‍රියානු Unicredit Bank of Austria බැංකුව යුරෝ මිලියන 50.6 ක අපනයන ණය පහසුකමක ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලබාදෙන අතර ඉතිරි 15% ක මුදල මහජන බැංකුව මගින් (දළ වශයෙන් රුපියල් මිලියන 1410 ක්) ලබාදෙයි.

ඉහත ණය ගිවිසුම් 03 අත්සන් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී, නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ පැවැත්විණි.

මුදිත ගමගේ 

Comments