
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවතම තොරතුරු කඩිනමින් දැනගැනීමේ සේවයක් ආරම්භ කිරීමට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණ ආයතනය කටයුතු කරයි. මීට පෙර ද මේ වැඩපිළිවෙළ පැවැති අතර මේ කටයුත්ත යාවත්කාලීන වීමක් මෙහිදී සිදු වේ. දිවයින පුරා විසිරී සිටින කෘෂි තොරතුරු අැවැසි පුද්ගලයන් සඳහා මේ තොරතුරු ලබාගැනීමේ සේවය උපකාරී වන අතර මිල පිළිබඳ තීරණ ගැනීමට ද මෙය ඉවහල් වේ.
මේ තොරතුරු ප්‍රදේශ හතළිහක් ආවරණය වන ලෙස එකතු කරගන්නා අතර ලැබෙන තොරතුරු පද්ධතිය තවත් වැඩි කර ගැනීමට ඉදිරියේදී අදහස් කෙරේ.පළමු අදියරේදී පිටකොටුව, දඹුල්ල, කටුගස්තොට, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය,නොරොච්චෝලේ, කැප්පෙටිපොළ යන ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍රකරගෙන තොග මිල ගණන් නිකුත් කිරීම සිදු කෙරෙන අතර දෙවන අදියරේදී උතුරු නැඟෙනහිර සහ දකුණු පළාතේ මෙන්ම බණ්ඩාරවෙල, වේයන්ගොඩ, වැලිසර, තොග අලෙවි මධ්‍යස්ථානවල ද මිල තොරතුරු මේ මඟින් ප්‍රකාශයට පත් කෙරේ. දවසේ ඕනෑම මොබිටෙල් ජංගම දුරකථනයකින් 6666 ඇමැතීමෙන් මේ තොරතුරු ලබා ගත හැකිය.