හාල්-එළවළු මිල පහළට ඉදිරි මාස 7ට ඇති තරම් හාල් | Page 2 | සිළුමිණ

හාල්-එළවළු මිල පහළට ඉදිරි මාස 7ට ඇති තරම් හාල්

මෙවර මහ කන්නයෙන් ඉදිරි මාස 7 ට ඇතිවන තරම් වී අස්වැන්නක් ලැබෙන බවත් ඒ අනුව ඉදිරි සතිවල සහල් මිලත් එළවළු මිලත් තවදුරටත් අඩුවන බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර සැලසුම් අංශයේ අංශ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

ඒ අනුව මෙවර මහ කන්නයේදි වී මෙට්‍රික් ටොන් ලක්ෂ 23 ක අස්වැන්නක් ලැබීමට නියමිත බවත් ඉන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 15 1/2 ක් ලැබෙන බවත් ඒ මහතා කියයි.

ඒ අනුව ඉදිරි දිනවල විවෘත වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝවක මිල රු. 80 ක් දක්වා අඩුවනු ඇතැයි ද යාපනය, තඹුත්තේගම හා පුත්තලම වැනි ප්‍රදේශවලින් එළවළු තොග වැඩිපුර ලැබීමත් සමඟ එළවළු මිල තවත් අඩුවනු ඇතැයි ද දුමින්ද ප්‍රියදර්ශන මහතා කියයි.

මේ අතර රජය වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වී මිල ස්ථාවර වන බවත් අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනුවල මිල රු. 80 - 120 අතර පවතිනු ඇති බවත් ඒ අනුව සිංහල අලුත් අවුරුද්ද වන විට ජනතාවගේ ජීවන වියදම තවත් අඩුවනු ඇතැයි ඒ මහතා පවසයි. 

Comments