
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව‘ මාර්තු 02 දා සිංගප්පූරුවේදී ඇරැඹිණි. කලාපයේ ප්‍රධාන පෙළේ ආයෝජකයෝ රැසක් මේ සමුළුවට සහභාගී වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා සමුළුව අමතමින් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර 2018 අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම, දෙරට අතර අර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වන බව පැවැසීය. මේ සමුළුව පැවැත්වීමෙන් වෙළෙඳ ගිවිසුමේ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයන් තවතවත් වැඩි දියුණු වන බව අර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. අගමැතිවරයා සමඟ මේ සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ තවත් සය දෙනකුගෙන් යුත් පිරිසක් සහභාගී වූහ.
සමුළුව සංවිධානය කරන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ මඟිනි.