ආපදා හානි වළක්වන්න කෝටි 2356ක ව්‍යාපෘතියක් | Page 2 | සිළුමිණ

ආපදා හානි වළක්වන්න කෝටි 2356ක ව්‍යාපෘතියක්

අපේ රටේ ඇතිවන ගංවතුර හා නියං වැනි ආපදාවලින් ජීවිතවලට හා දේපළවලට සිදුවන හානි හා අවබලපෑම් අවම කිරීම සඳහා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) නමින් නව ව්‍යාපෘතියක් දැන් වාර්මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

මේ යටතේ මුලින් ම කැලණි ගඟේ සිදුවන ගංවතුර ආපදාව අවම කිරීමට හා ගංගා ද්‍රෝණි හා බැම්ම සුරැකීමට කටයුතු කිරීම සිදු කෙරේ.

ලෝක බැංකුව විසින් සපයන රුපියල් කෝටි 2356 ක මුල්‍ය ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය 2019 දක්වා ක්‍රියාත්මක කෙරේ. දේශගුණික විපර්යාස නිසා ඇතිවන නියං සහ ගංවතුර ආපදා වලට ලක්වී ඇති ජීවිත හා දේපළ සඳහා ඇති අවබලපෑම හැකිතාක් අවම කිරීමට පියවර ගැනීමත් එවැනක් සිදුවුවහොත් ඊට වඩාත් ශක්තිමත් ලෙස හා ඵලදායි ලෙස මුහුණ දීමට කටයුතු කිරීමත් මෙහි මූලික පරමාර්ථ අතර වේ.

මුල් අදියර යටතේ කැලණි ගඟ මුන්දෙනි ආරු, දැදුරු ඔය, නිල්වලා ගඟ, අත්තනගලු ඔය, මහ ඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, ගිංගඟ, ගල්ඔය හා කලා ඔය පිටාර ගැලීම නිසා වන හානි හා අවබලපෑම් අවම කිරීමට මේ ව්‍යාපෘතිය මඟින් කටයුතු කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය, ලෝක බැංකුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ඌව මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ වෙති.

ගංගා ද්‍රෝණි සංවර්ධන ආයෝජන සැලසුම් සකස් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කර ශක්තිමත් කිරීම, හදිසි ආපදා සඳහා සවිමත් සූදානම හා ව්‍යපෘති කළමනාකරණය ඇගැයීම හා පසු විපරම යන ප්‍රධාන සංචරක ඔස්සේ මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. 

Comments