
මීළඟ ආසියානු ක්‍රීඩා උලෙළ සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි හොකී තරගාවලිය ඕමානයේ මස්කට් නුවරදී ආරම්භ විය. මස්කට් අගනුවර පිහිටි සුල්තාන් කාබූස් ක්‍රීඩා සංකීර්ණ කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරෙන මෙවර තරගාවලිය මාර්තු 17 වැනි දා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව, කසකස්තානය, ඕමානය, චීන තායිපේ, බංග්ලාදේශය, හොංකොං, තායිලන්තය සහ ඇෆ්ගනිස්තානය ඒ සඳහා සහභාගිවී සිටී.
මෙවර තරගමාලාවේ දී ශ්‍රී ලංකා පිල මූලික වටයේ දී කසකස්තානය, ඕමානය සහ චීන තායිපේ යන රටවලට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජාතික පිල මෙහෙයවීමේ වරම සඳරුවන් ප්‍රියලංකා වෙත හිමි වී ඇති අතර සම උපනායකියින් ලෙස මධුරංග විජේසිංහ සහ ළහිරු වීරසූරිය කටයුතු කරති.
චමල්ක රුක්ෂාන් සහ මුදිත බණ්ඩාර ප්‍රථම වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන අතර තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දිගු කලකට පසුව ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිදුවීමකි. මිලින්ද සපුගස්ගොඩගේ, ධම්මික රණසිංහ, තිළිණ පෙරේරා එම ක්‍රීඩකයෝය.
ජාතික පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මෙවර තරග මාලාවේ දී ද පුහුණුකරු ධූරයේ කටයුතු කරන අතර පුලතිසි ලැනරෝල් සහය පුහුණුකරු ලෙස කටයුතු කරයි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ද කළමනාකාරිණී ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ හොකී ව්‍යාපෘති නිලධාරිනී තමාරා ලියනගේ මහත්මිය ද කටයුතු කරයි. භෞතචිකිත්සක ලෙස කටයුතු කරනු ලබන්නේ මලිත උදාර සහබන්ධු විසිනි.
ශ්‍රී ලංකා ජාතික පිල:
සඳරුවන් ප්‍රියලංකා (නායන), ළහිරු වීරසූරිය (උපනායක), මධුරංග විජේසිංහ (උපනායක), ඉසංක ජයසුන්දර, නිලන්ත ද සිල්වා, තරංග ගුණවර්ධන, දමිත් බණ්ඩාර, මොහොමඩ් මහරුෆ් මුලෆර්, තරිඳු කුමාර හේන්දෙණිය, ධම්මික රණසිංහ, අනුරාධ සුරේෂ් රත්නායක, රජිත කුලතුංග, උදයන්තන් ප්‍රනාන්දු, තිළිණ පෙරේරා, දුෂාන් මිලින්ද සපුගස්ගොඩ, සමින්ද සජිත් කොස්තා, චමල්ක රුක්ෂාන්, මුදිත බණ්ඩාර
සෙනුරි උපේක්ෂා