සමාස නාම පදවල අවසාන පදය වශයෙන් යෙදෙන පද සමූහයක් ම ආරම්භ වන්නේ ක-යන්නෙනි. පහත දැක්වෙන පද මෙනි.
කඩ - අගල-කඩ, පාත-කඩ
වැලි-කඩ, හබර-කඩ
කඩවර - මැණික්-කඩවර
කඩවල - අත්තන-කඩවල
මරදන්-කඩවල
කඩුව - ඇල්-කඩුව
කොබ්බෑ-කඩුව, වස්-කඩුව
හික්-කඩුව
කඩේ - අලුත් කඩේ, කොචිචි කඩේ
මරියා කඩේ, මුදුන කඩේ
කණ්ඩිය - දෙහි අත්ත කණ්ඩිය
ඇළ කණ්ඩි
කන්ද මහ-කන්ද, මාලිගා-කන්ද
වැඩහිටි-කන්ද, සපුගස්-කන්ද
කන්දර - හෝ-කන්දර
කන්දල - නා-කන්දල
නැදුන්-කන්දල
කන්න - ගල්-කන්න, වැලි-කන්න
කඳුර - ගෝන-කඳුර, මා-කඳුර
කැටිය - එළු-කැටිය, ගල්-කැටිය
වීර-කැටිය, හොර-කැටිය
කැලේ - උඩවත්ත-කැලේ
තලවා-කැලේ, මඩොල්-කැලේ
කිත්ත - කිරි-කිත්ත, හේ-කිත්ත
කිඳ - උඩු-කිඳ, යටි-කිඳ
කුන්දර - බෝ-කුන්දර
කුඹුර - කිරිබත්-කුඹුර, ගොඩ-කුඹුර
දොර-කුඹුර, මීගස්-කුඹුර
කුලම - බුලන්-කුලම, සෙටිටි-කුලම
කුලිය - පං-කුලිය, මට්ටක්-කුලිය
කෙත - හඟුරන්-කෙත, ගුරුළු-කෙත
කෙළිය - මස්-කෙළිය
සිංහල ගම් නම් වැඩි හරියක් සමාස නාම පද බව කලින් සඳහන් කෙරිණ. ඒ සමාස පද සැදෙන්නේ පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක් වීමෙනි. ග-යන්නෙන් ආරමිභ වන පද කීපයක් මේ ලිපියෙහි ඇතුළත් වෙයි.
අවසාන පදය සමාස සංඥා නාම පද
ගණේ - දිවුල්-ගණේ, මලුගණේ
ගම - කතර-ගම, මහර-ගම
දරණා-ගම, හෝමා-ගම
ගමුව - කොට-ගමුව, දණ්ඩ-ගමුව
දෙණ-ගමුව, බොරලැස්-ගමුව
ගල - කුරුණෑ-ගල, මෙනරා-ගල
වාකිරි-ගල, හිඳ-ගල
ගල්ල - අත්තන-ගල්ල, බෙලි-ගල්ල
කෑ-ගල්ල, මඩු-ගල්ල
ගුණේ - කිංචි-ගුණේ
තල-ගුණේ, සොර-ගුණේ
ගිරිය - අතුරු-ගිරිය, ඉං-ගිරිය
බිං-ගිරිය, සී-ගිරිය
ගෙදර - දන්-ගෙදර, පීල්ලේ-ගෙදර
මං-ගෙදර, වෙල-ගෙදර
ගොඩ - ඉඹුල්-ගොඩ, නුගේ-ගොඩ
වේයන්-ගොඩ, හත්නා-ගොඩ
ගොන්න - දා-ගොන්න
ගොමුව - කඩි-ගොමුව
දෙණ-ගොමුව, වස්-ගොමුව
ගොල්ල - කදුරු-ගොල්ල, දං-ගොල්ල
පොල්-ගොල්ල, හොර-ගොල්ල