ලෝක වකුගඩු දිනය මාර්තු 03 | Page 2 | සිළුමිණ

ලෝක වකුගඩු දිනය මාර්තු 03

 ලබන සෙනසුරාදාට (මාර්තු 03දාට) යෙදී ඇති ලෝක වකුගඩු දින සැමරුම් වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබ සාධනය සඳහා මේ වනවිට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පිහිටුවා ඇත. උත්සවයට සමගාමීව සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ඌව පළාත් සභාව හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සිදු කෙරෙන වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීමේ සායන, පිරිසුදු ජල සම්පාදන ව්‍යාපෘති, සුබසාධන වැඩසටහන් ආදී කටයුතු රාශියක් සම්පාදනය කර තිබේ. තණමල්විල, බුත්තල සහ වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් පැවැත්වෙන සායන මේ වන විටත් ක්‍රියාත්මක වී ඇත.

Comments