
සුවඳ විලවුන් සහ පිරිසුදුකාරක ආදිය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය හිස රදය සහ පිළිකා ඇති කිරිමට මෙන්ම නූපන් දරුවන්ට අයහපත් ලෙස බලපෑම් ඇති කිරීමට හේතු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇත. කාර්යාලයේදී මෙන්ම අප ගැවසෙන බොහෝ තැන්වලදී සුවඳ විලවුන් සහ පිරිසුදු කිරීම සඳහා ඉසින ද්‍රව්‍ය වලාකුළක් මෙන් පවතින බැවින් එය එම පරිසරයේ වෙසෙන පිරිසෙන් සියයට 30ට පමණ හිස රුදාව ඇති කිරීමට හේතු වනු ඇති බවද පර්යේෂණය හෙළි කර තිබේ.
නාසය බුරුල් වීම, ඇස්වල වියළි ස්වභාවයක් ඇති වීම, රතු මෙන්ම කඳුළු ගලන ඇස් ඇති වීම, ඇදුම වැනි රෝගවලට බොහෝ විට හේතු වන්නේ මේ විලවුන් දුමාරය බව හෙළි වී තිබේ. 2004 වසරේ සිට අඛණ්ඩව පවත්වාගෙන ආ පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ සුවඳ වර්ග සියයට 60කට ඉරුවා රුදාව ඇති වීමට හේතු වී ඇති බවයි. ඇතැම් පිරිස්වලට සමේ රෝග ඇති වීමටද මේ විලවුන් සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය හේතුවන බව පර්යේෂකයන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.