ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරියටත් අගමැති මමයි | Page 2 | සිළුමිණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරියටත් අගමැති මමයි

රටේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සඳහා ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍ය ධුරයේ ඉදිරියටත් රැඳී සිටිමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා සවස අරලිය ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදීය.

ව්‍යවස්ථානුකූලව තමන්ට හිමිව ඇති බල තල අනුව ඉදිරි වසර දෙක තුළ ජනතාවට සේවය කිරීම පිණිස ආණ්ඩුවේ ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් පවතින බවද අගමැතිවරයා මෙහිදී පැවසීය. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් ඇති කළ යුතු බවත් පැවසූ ඒ මහතා නව නායකයන් පක්ෂය තුළින් බිහි කළ යුතු බවද කීය.

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිගන්නා බවත් ඒ අනුව ඉදිරි කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

Comments