‘පාලං 3 හන්දිය’ වැඩ අරඹයි | Page 4 | සිළුමිණ

‘පාලං 3 හන්දිය’ වැඩ අරඹයි

 

ප්‍රවීණ නාට්‍යවේදියකු මෙන්ම, නාට්‍ය හා රංග කලා ගුරුවරයකු ද වන රොනල්ඩ් දසනායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘පාලං 3 හන්දිය’ මුහුරත් උත්සවය පසුගියදා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ආයතනයේ දී පැවැත්විණි. නවමු ආකෘතියකින් යුත් හාස්‍යෝත්පාදක නාට්‍යයක් වන මේ සඳහා රංගනයෙන් හේමන්ත ඊරියගම, ජීවන් හඳුන්නෙත්ති, රුක්ෂාණා දිසානායක, සුනෙත් ශාන්තප්‍රිය, නිශාන්ත කුලරත්න ආදී ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පී, ශිල්පිනියෝ රැසක් දායක ෙවති. මාර්තු මස 30 වැනි දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත වන මේ නාට්‍යය එතැන් සිට දිවයින පුරා වේදිකා ගත කිරීමට අපේක්ෂිත මෙය රොන් තියටර් ක්‍රියේෂන් නිෂ්පාදනයකි. 

 

හංසලතා නවතම මුද්‍රණය 20 වැනිදා නිකුත් වේ

මෑතකදී අභාවප්‍රාප්ත වූ මාධ්‍යවේදී නිව්ටන් ගුණසේකරයන් ලියූ ‘හංසලතා’ නවකතාවේ නවතම මුද්‍රණය මෙමස 20 වැනිදා මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.

දේශපාලන බලවතකුගේ ලිංගික ගොදුරක් බවට පත්වන හංසලතා ‍නම් රූපත් සංවේදී තරුණියගේ අාධ්‍යාත්මික වේදනාව හා ඇය ජීවත්වන අගනුවර විෂම සමාජ පරිසරය වටා ගොඩනැ‍ඟෙන මේ අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තය සමාජීය හා සංස්කෘතික අර්ථ සපයන නවකතාවක් ලෙස ද රසවිඳිය හැකි රසවත් නිර්මාණයකි.

Comments