
නොබෙල් ත්‍යාග ප්‍රදානයේදී වැඩිම ආන්දෝලනයක් ඇතිව තිබෙන්නේ සාහිත්‍ය ත්‍යාගය සම්බන්ධයෙනි. හුදෙක් සාහිත්‍ය පිළිබඳ නිරණායකයන්ට වඩා දේශපාලන මතිමතාන්තර හා උපාය මාර්ග මත පදනම් ව එය පිරිනැමී ඇති අවස්ථා තිබෙන බව ප්‍රබල විවේචනයකි. එය ප්‍රතික්ෂේප කර ඇති අවස්ථා කියවා ගැනීමට සිදුවන්නේ ද සාහිත්යික ව නොව දේශපාලනික ව ය.
ප්‍රංස දාර්ශනික ජින් පෝල් සාත්‍රේ නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළ පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක් විය. ඔහු එය කළේ කිසිදු ආයතනික ව්‍යුහයකින් හෝ පුද්ගලයකු ගෙන් සිදු වූ බලපෑමක් මත නොවේ. 1964 දී, ඔහු එය ප්‍රතික්ෂේප කළේ තමා නිරන්තරයෙන් ම නිල ගරු සම්මාන ප්‍රතික්ෂේප කර ඇති බව දක්වමිනි. එම ලිපිය ජුරිය වෙත ලැබෙන විට ප්‍රමාද වී වැඩි බව ඇකඩමිය පවසා තිබිණි. සාත්‍රේ ලිපිය යොමුකර තිබුණේ ඔක්තෝබර් 14 දාතමින් යුතුවයි. තමා තෝරා නොගන්නා මෙන් ඔහු ඉන් ඉල්ලා සිටියේ ය. එහෙත් ඒ වන විටත් අවසන් තීරණය ගෙන තිබූ බව කමිටුවේ ප්‍රතිචාරය විය. කෙසේ වුවද, සාත්‍රේ ත්‍යාගය බාරගත්තේ නැත.
නොබෙල් ත්‍යාග සඳහා නිර්දේශිත නාමයන්ට අදාළ සියලු තොරතුරු ඇකඩමිය මඟින් රහස්‍ය ලෙස තබාගනී. ඒ පසුපස ඇති ක්‍රියාදමය ප්‍රසිද්ධියට පත් නොවන්නේ එබැවිනි. සාත්‍රේ ගේ ලිපිය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිවුයේ ද ඊට වසර 50 කට පසුව ය.
ස්වීඩන් පුවත්පතක් වාර්තා කර තිබූ පරිදි සාත්‍රේ ත්‍යාගලාභියා වශයෙන් නිශ්චය කර තිබුණේ 1964 සැප්තැම්බර් 17 වැනිදා ය. සෙසු නිර්දේශිත නාමයන් අතර රුසියානු ලේඛක මිහායිල් ෂොලහව් (1965 දී ඔහු ත්‍යාගය දිනාගත්තේය.), බ්‍රිතාන්‍ය කිවි ඩබ්.එච්. අවුඩන් ද වේ. 1964 දී නාමයොජනා 76 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 19 ක් අලුත් ම යෝජනා ය.
ත්‍යාගය ප්‍රතික්ෂේප කරමින් සාත්‍රේ නිකුත් කළ ප්‍රකාශය ස්වීඩන මාධ්‍ය ඔක්තෝබර් 22 වැනිදා වාර්තා කර තිබිණි. සාත්‍රේගේ අවසරය මත එය ප්‍රංස බසින් ‘ල මොන්ද්’ පුවත්පතේ ද පළවිය. රිචඩ් ගොවාර්ඩ් ගේ ඉංගිරිසි පරිවර්තනය “ද නිව්යෝර්ක් රිවීව් වන් බුක්ස්” හි පළ වුයේ 1964 දෙසැම්බර් 17 වැනිදා ය. “මේ සිදුවීම අපවාදයක් වීම ගැන මා දැඩි ලෙස කණගාටු වුවා, ත්‍යාග ප්‍රදානය කළා, මා එය ප්‍රතික්ෂේප කළා. මෙහි තනිකරම වුණේ සිදු වෙන්නේ කුමක්ද කියන එක ගැන මා දැනුවත්ව සිටියේ නැහැ. ස්වීඩන් වාර්තාකරුවකු වන ෆිගරෝ ගෙ කොලමේ ඔක්තෝබර් 15 වැනිදා ලියැවිලා තිබුණා මෙවර නොබෙල් ඇකඩමියේ අවධානය මා වෙත යොමුව ඇති බව. එත් මේ ගැන අවසන් නිගමනයක් තිබුණේ නෑ. ඊළඟ දවසේ මං මගේ ලිපිය යොමු කළා. ඒකේ මම කාරණා පැහැදිළි ව සඳහන් කළා, ඒත් ඒ ගැන එතැනින් එහාට සාකච්ඡා වුණේ නෑ.
ඒ වෙනකොටත් මම දැනගෙන සිටියෙ නෑ; ත්‍යාගය පිරිනමන්නේ ත්‍යාගය ලබාන්නාගේ මතය ගැන සළකා බැලීමෙන් තොරව කියලා. ඒ නිසා මෙය වැළැක්වීමට හැකි වේ යැයි මට විශ්වාසයක් තිබුණා. ඒත් නොබෙල් ඇකඩමිය තීරණය ගෙන තිබු බවත්, දෙවනුව එය අහෝසි කළ මං දැන් තේරුම් ගත්තා. මම මේ ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කාරණා ඇකඩමිය හෝ නොබෙල් ත්‍යාගය සම්බන්ධ ඒවා නොවෙයි. මේ බව මං මගේ ලිපියේ පැහැදිළි කළා. එහිදී මම ව්‍යංගයෙන් කාරණා 2 ක් සඳහන් කර තිබෙනවා. ඒවා පෞද්ගලික සහ වාස්තවිකයි.
පෞද්ගලික කාරණා මෙලෙසයි. මං මෙය ප්‍රතික්ෂේප කළේ ආවේගශීලීව නොවේ. මා නිරන්තරයෙන් ම නිල ගරු සම්මාන ප්‍රතික්ෂේප කර තිබෙනවා. 1945 දී, යුද්ධයෙන් පසුව ගරු සම්මානයක් මට පිරිනැමු විටත් මං එය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් ආණ්ඩුව ගැන මට යම් අනුකම්පාවක් තිබුණා. මේ වගේම මම මගේ ඇතැම් මිතුරන් අදහස් කළ පරිදිම ප්‍රංස කොලීජියට ඇතුළත් වුණෙත් නෑ.
මේ ආකල්පය ලේඛකයාගේ කාර්ය භාරය ගැන මගේ අවබෝධය හා සම්බන්ධයි. දේශපාලන, සාමාජීය හෝ සාහිත්‍යමය කාරණා ඔස්සේ ක්‍රියාත්මක වන ලේඛකයකු මුළුමනින්ම කටයුතු කළ යුතු වන්නේ ඔහුගේ ම විධික්‍රමයකට අනුවයි; ඒ බවයි ලිඛිත අදහස. ලේඛකයකු ලබන සියලු ගරු සම්මාන ඔහුගේ පාඨකයන්ට යම් පීඩනයක් ඇති කරනවා. මේ ආකර්ෂණය ගැන මා සැලකිලිමත් වන්නේ නෑ. මම ජින් පෝල් සාත්‍රේ කියල අත්සන් කරනවාට වඩා ජින් පෝල් සාත්‍රේ, නොබෙල් ත්‍යාගලාභී කියල අත්සන් කිරීම වෙනස්.
මේ විදියේ ගරු සම්මාන ලබන ලේඛකයකු තමා විසින්ම, එය පිරිනමන ලද හෝ ආයතනයේ අවශ්‍යතාවට අනුගත වනවා. වෙනිසියුලානු විප්ලවවාදීන් පිළිබඳ වරක් අනුකම්පාව මා තුළින් ම ඇතිවුවක්. එහෙත් නොබෙල් ත්‍යාගලාභී ජින් පෝල් සාත්‍රේගේ තත්ත්වය ඊට වෙනස් වනවා
මේ නිසා ලේඛකයකු තමා විසින් ම තම ආයතනික ව්‍යුහයකට අනුගත විය හැකි එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කළ යුතුයි. වර්තමාන තත්ත්වය ඔස්සේ බැලුවත් ඒවා කොපමණ ඉහළ ගරු සම්මාන වුණත් එසේ කළ යුතුයි. මේ ආකල්පය තනිකරම මා තුළ ඇති වුවක්. ඒ වගේම දැනටමත් මේ ත්‍යාගය ලබාගෙන ඇති කිසිවකු හෝ ඉන් විවේචනය කෙරෙන්නෙත් නෑ. එලෙස ගරු සම්මානයට ලක් වූ ඇතැම් දෙනා ගැන මා තුළ විශාල ගෞරවයක් තිබෙනවා.
මා කී වාස්තවික කාරණා මෙලෙසයි. සංස්කෘතික පෙරමුණේ අද සිදුවිය හැකි එකම සංග්‍රාමය සංස්කෘතීන් දෙකක් අතර සාමකාමී සහජීවනය උදෙසා විය හැකි සටන පමණයි. එක පෙරදිගට වගේම අපරදිගටත් අදාළයි. මේ දෙක එක් කරන පිරිස් ග්‍රහණය කරගත යුතු යැයි මා අදහස් කරන්නේ නෑ මේ සංස්කෘතීන් දෙක අතර ගැටුම මඟින් අත්‍යවශ්‍යයෙන්ම ගැටුමේ ස්වරූපය පිළිබිඹු කරන බව මා දන්නවා. නමුත් මේ ගැටුම මිනිසුන් අතර මෙන්ම සංස්කෘතීන් අතරත් ආයතනික ව්‍යුහයක මැදිහත් වීමකින් තොරවම සිදුවෙමින් තිබෙනවා. මා සම්බන්ධයෙන් ම ගතහොත් සංස්කෘතීන් දෙකක් අතර විසංවාදය හේතුකොටගෙන අතිශයින් ම බලපෑමකට ලක්වුවෙක්. මා ඒ පරස්පරයේ නිර්මිතයක්. මගේ කැමැත්ත, අනුකම්පාව නිතැතින්ම සමාජවාදය සහ නැගෙනහිර කඳවුර යනුවෙන් හඳුන්වන කොටස වෙතට යොමු වුණා. නමුත් මා ඉපදුණේ සහ හැදුණේ වැඩුණේ මධ්‍යම පන්තික යුවළක, මධ්‍යම පන්තික සංස්කෘතියක. මේ අවසරය මට මේ සංස්කෘතීන් දෙක එකතු කිරීම සඳහා වෑයම් කරන සියල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසුවා. සත්තකින්ම මම “හොඳ ම මිනිසා තමයි දිනන්නෙ” කියන අපේක්ෂාව ඇති අයෙක්. ඒ තමයි සමාජවාදය.
සංස්කෘතික අධිකාරීන්ගෙන් පිරිනැමෙන ගරු සම්මාන මට බාර ගැනීමට නොහැකි මේ නිසයි. මේ දෙකේ ම සහජීවනය ගැන කැමැත්තක් තිබෙනවා වුණත් පෙරදිගටත් වඩා අපරදිගෙන් ලැබෙන එවැනි සම්මාන මට පිළිගැනීමට හැකියාවක් නෑ. කොහොම නමුත් මගේ කැමැත්ත අනුකම්පාව ඇත්තේ සමාජවාදී කඳවුර සමඟයි. මේක මුළුමනින් ම බාරගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට කාටහරි මට ලෙනින් ත්‍යාගය දෙන්න ඕන වුණොත් එතැන යාළුවන් ඇත්තේ නෑ.
නොබෙල් ත්‍යාගය බටහිර නැත්නම් අපරදිග කඳවුරේ සාහිත්‍ය ත්‍යාගය නොවන බව මා දන්නවා. නමුත් එය ඔවුන්ගේ දෙයක්. ඒ ඇතැම් උත්සවාංග පවා සිදුවන්නේ ස්වීඩිස් ඇකඩමියේ සාමාජිකයන්ගේ විෂය පථයෙන් පිටස්තරවයි. වර්තමාන තත්ත්වය ගත්තොත් බටහිර ලේඛකයන් හෝ නැගෙනහිර කැරැලිකරුවන්ට ගරු සම්මාන පුද කිරීමේදී නොබෙල් ත්‍යාගය පිරිනැමී ඇති ආකාරය පැහැදිලියි. උදාහරණයක් හැටියට විශිෂ්ට දකුණු අමෙරිකානු කිවි පැබ්ලෝ නෙරූඩාට එය පිරිනැමුණේ නෑ. ඔහු ඊට සුදුස්සකු වුණත් ලුවී ආගස් ට මේ ත්‍යාගය පිරිනැමීම ගැන බරපතළ ගැටලු තිබෙනවා. ෂොලහව්ට නොව පැස්ටර්නැක් ට නොබෙල් ත්‍යාගය පිරිනැමීම ශෝචනීයයි. සම්මානයට ලක්වූ එක ම සෝවියට් කෘතිය විදේශයකදී ප්‍රකාශයට පත් වූ තම රටේ දී තහනමට ලක් වූ එකක්. කලාව එක් දිශානතියකට බරව ක්‍රියාත්මක වී ඇති බවයි පෙනෙන්නේ. ඇල්ජීරියානු යුද සමයේදී අපි, “121 ප්‍රකාශනයට” අස්සන් තැබුවා. ත්‍යාගය බාරගැනීමට තරම් මා කෘතඥ විය යුතුයි. මක් නිසාද යත්, එය මා වෙත පිරිනැමු ගෞරවයකට වඩා අප අරගල කළ නිදහස වෙනුවෙන් පිරිනැමුණු සම්මානයක් නිසයි. එත් එය සිදු වුණේ ඒ ලෙසම නෙවෙයි. සංග්‍රාමය නිමා වු පසු මා වෙත එය ප්‍රදානය කෙරුණා.
ස්වීඩිෂ් ඇකඩමියේ අභිප්‍රාය කුමක්ද යන්න විමසා බැලීමේ දී සඳහන් වන්නේ “නිදහස”ගැනයි. එය බොහෝ අර්ථකථන සැපයිය හැකි වදනක්. බටහිරදී සාමාන්‍යයෙන් නිදහස යන්නේන් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද?පෞද්ගලිකව මා අදහස් කරන්නේ වඩාත් සත්‍ය වූ නිදහසක් ; ඒක හරියට එක සපත්තු කුට්ටමකටත් වඩා වැඩියෙන් තිබීම වැනි දෙයක් ත්‍යාගය බාරගැනීමට වඩා එය ප්‍රතික්ෂේප කිරීම තුළ අඩු අවදානමක් මා එය බාරගතහොත් මම මා විසින් ම ඉදිරිපත් කරන්නේ ආත්මාරූපී පුනරුත්ථාපනයයි. ෆිගරෝගේ සාහිත්‍ය ලිපියේ දක්වා ඇති පරිදි මත භේදයට තුඩු දෙන දේශපාලන අතීතයක් මට එරෙහිව නොතිබිය යුතුයි. මේ ලිපියෙන් ඇකඩමියේ මතය පිළිබිඹු නොවන බව මා දන්නවා. නමුත් මගේ බාර ගැනීම ඇතැම් දක්ෂිණාංශික පරිමණ්ඩලයක් විසින් කෙලෙස අර්ථකථනය කරනු ඇති දැයි එය පැහැදිලිව පෙන්නුම් කරනු ලැබුවා. මා කල්පනා කරන්නේ මතභේදාත්මක දේශපාලන අතීතයක් යන්න තවමත් වලංගු බවයි. මගේ සහෘදයන්ට එය ඒත්තු ගැන්වීමට මා මුළුමනින් ම සිටිය වුණත් සමහර අතීත වැරැදි පිළිබඳ කාරණය එබන්දක්.
නොබෙල් ත්‍යාගය ධනපති පන්තියට ආවඩන ත්‍යාගයක් යනුවෙන් මා අදහස් කරන්නේ නෑ. නමුත් මේ අර්ථකථනය නොවැළැක්විය හැකි ලෙසම, ඇතැම් පරිමණ්ඩලයක් මඟින් ඉදිරිපත් වුණා. ඒවා සමඟ මා අතිශයින් ම සමීපයි.
අවසන් වශයෙන් මා එන්නේ මුදල් පිළිබඳ ප්‍රශ්නයට. එය අතිශයින් ම දුෂ්කර වුවත් අතිවිශාල මුදල් ත්‍යාගයක් පුදනු ලැබීම මඟින් ඇකඩමිය ත්‍යාගලාභීන් වෙත යම් පැනවීමකුත් සිදුකරනවා. මේ ගැටලුව මා ද පෙළනු ලැබුවා. මුදල් ත්‍යාගය බාර ගතහොත් යම් වැදගත් සංවිධාන හෝ ව්‍යාපාර වලට ආධාර උපකාර කිරීමට හැකියාව තිබුණා. එහිදී මගේ සිතැඟි යොමු වුණේ ලන්ඩනයේ වර්ණභේද විරෝධී කමිටුව දෙසටයි. එසේ නැතිනම් කළ යුතු වුයේ මුදල් ත්‍යාගය බාර නොගැනීමයි. එය සිදුවිය යුතු වුයේ ද ත්‍යාගශීලි මුලධර්ම මත බව හැඟුණා. සහාය අවශ්‍ය ව්‍යාපාරයකට එය අහිමි වීම එහිදී සිදුවනවා. නමුත් මෙය ව්‍යාජ ගැටලුවක් බව මා කල්පනා කළා. මා සිතාමතාම ක්‍රෝන 250,000කට පිටුපෑම ගැන කිසිවකුටත් ප්‍රශ්න කිරීමට හැකියාවක් ඇත්තේ නෑ. මන්ද යත්, එය තනි ප්‍රද්ගලයකුට නොව සියලු සහෘදයන්ට අයත් දෙයක් යැයි මා කල්පනා කරන නිසා.
ත්‍යාගය බාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ගැන මට වේදනාවක් අැතිකරන කාරණා මෙබඳුයි. මේ ප්‍රකාශය අත්සන් කිරීමට මා අපේක්ෂා කරන්නේ ස්වීඩන් ජනතාවට අප එකිනෙකා කෙරෙහි අනුකම්පාව පිළිබඳ පණිවිඩය යොමු කරමිනුයි.