
තාරක වික්‍රමසේකර
පළාත්පාලන මැතිවරණය පැවැත්වූ මිශ්‍ර ක්‍රමය යටතේ කාන්තා නියෝජනය 25%ක් විය යුතු බවට අනිවාර්ය කර තිබුණද පවත්නා ක්‍රමවේදය අනුව කොට්ඨාස ක්‍රමයෙන් පවත්වන මන්ත්‍රීවරුන් සහ ලැයිස්තුවෙන් පත් වන මන්ත්‍රීවරුන්ගේ ක්‍රමවේදය නිසා මතුව ඇති අර්බුදය නිවැරැදි කිරීම සඳහා ඡන්ද පනත සංශෝධනය කිරීමට රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම මිශ්‍ර මැතිවරණ ක්‍රමය නියාමන ක්‍රමයක් බවත් එහි අඩුපාඩු සකස් කරගෙන ඉදිරි කටයුතු සිදුකරන බවද ඒ මහතා කිය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පසුගියදා පවසන ලද්දේ මේ ක්‍රමය යටතේ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම ගැටලු සහිත බවයි. විශේෂයෙන්ම යම් පක්ෂයක පළාත්පාලන ආයතනයකට තේරී පත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව 15ක් වී ඔවුන් සියලු දෙනාම පුරුෂ පක්ෂයෙන් වුවහොත් ලැයිස්තුවෙන් පත් කිරීමට හැකි අපේක්ෂකයන් සංඛ්‍යාව එක් අයකු වුවහොත් ඒ සඳහා අනිවාර්යෙන්ම කාන්තා නියෝජනයක් සිදු කළද එහිදී 16න් එක් අයකු හෙවත් ප්‍රතිශතය වන්නේ 6.25%ක් පමණක් වන අතර යම් කණ්ඩායමක පළාත් පාලන ආයතනයක සියලුම අපේක්ෂකයන් පුරුෂ පුද්ගලයන් වී ලැයිස්තුවෙන් කිසිවකු පත් කිරීමට අවකාශ නොලදහොත් කාන්තා නියෝජනය 0%ක් වන හෙයින් මේ ක්‍රමයේදී වුවද කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විශාල ලෙස මතුව ඇති ගැටලුව ඉදිරියේදී නිරාකරණය කිරීම කෙරෙහි අධ්‍යයනය කිරීමට නියමිතය.
විශේෂයෙන්ම පක්ෂයකින් යම් පළාත් පාලන ආයතනයකට අපේක්ෂිකාවන් වැඩි වශයෙන් නම් කළද මේ ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩි කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇත.