සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් | Page 2 | සිළුමිණ

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක්

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව පිණිස කොළඹ කොටුව සහ හැටන් අතර නව ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සිළුමිණට කීය.

මේ දුම්රිය රාත්‍රී 730ට කොළඹ කොටුවෙන් පිටත්ව අලුයම 12.45ට හැටන් දුම්රිය ස්ථානයට ළගා වන අතර හැටන් දුම්රිය ස්ථානයෙන් උදෑසන 8.30ට පිටත්ව පස්වරු 2.30 කොළඹ කොටුවට ළගා වේ.

ආසන වෙන් කළ හැකි නැරඹුම් මැදිරියකින් සමන්විත මේ දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, වටවල දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලබන අතර මැයි මස 1 වැනිදා දක්වා ධාවනය කරනු ලබන මේ දුම්රිය සති මැද දින කිහිපයක් හැරෙන්නට අනෙකුත් සියලු දිනවල ධාවනය කරනු ලබන බවද සමරසිංහ මහතා කීය.

Comments