ආයෝජන දෙගුණ වෙයි | Page 3 | සිළුමිණ

ආයෝජන දෙගුණ වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළ ම ඍජු විදේශ ආයෝජනය වසර 2017 දී වාර්තා කළ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි.

වසර 2017 දී වාර්තා කරන ලද ඍජු විදේශ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.63 කි. එය වසර 2016 වාර්තා කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 802 හා සැසඳීමේදි දෙගුණයකින් වර්ධනය වීමකැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

මීට පෙර ශ්‍රී ලංකාවට මෙතෙක් ඉතිහාසයේ වැඩිම ඍජු විදේශ ආයෝජනය වාර්තා වී තිබුණේ වසර 2014 දී ය. එම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.61 ක ආයෝජන රටට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආයෝජන දිනා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරන කාර්යභාරය බලපා ඇත. ඊට අමතරව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ආයෝජන හිතකාමී රාජ්‍ය ප්‍රතිපත්ති මීට බලපා ඇති බව ද ආරියසිංහ මහතා පෙන්වා දෙයි. 

Comments