මෙරට ග්‍රාමීය හා ප්‍රාදේශීය සිසු පරපුර තාරකා විද්‍යාවෙන් හා අභ්‍යවකාශ විද්‍යාවෙන් තවදුරටත් දැනුම්වත් කිරීම සඳහා අපේ රටේ ස්ථාන තුනක තවත් ග්‍රහලෝකාගාර තුනක් ඉදිකිරීමට යෝජිත බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති හා කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඒ අනුව පොළොන්නරුව, හම්බන්තොට හා වවුනියාව යන ප්‍රදේශවල මේ ග්‍රහලෝකාගාර පිහිටුවීමට විද්‍යා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුව කටයුතු සිදුවෙමින් පවතින බව ද මහාචාර්යවරයා පවසයි. මෙලෙස අලුත් ග්‍රහලෝකාගාර 3 ක් බිහිවීමෙන් පසු ප්‍රාදේශීය ගම්බද සිසු පරපුරේ තාරකා විද්‍යා දැනුම වැඩිදියුණු වීම මෙන් ම ගම්බද සාමාන්‍ය ජනතාවගේ විද්‍යා තාක්ෂණික උනන්දුව වැඩි දියුණු වනු ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.