අපට පාඩම් කියා දුන් ඉන්දීය නිදහස් දින උලෙළ | Page 2 | සිළුමිණ

අපට පාඩම් කියා දුන් ඉන්දීය නිදහස් දින උලෙළ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය නිදහස් දින උලෙළට සහභාගි වෙමින්

 

ශ්‍රී ලංකාවට බොහොමයක් යහපත් දේ ලැබුණේ අසල්වැසි ඉන්දියාවෙන්. අද අපේ රටේ බහුතරයකගේ ආගම වන බුදු දහම පවා අපට ලැබුණේ ඉන්දියාවෙන්. ඒ වසර 2500කට අධික කාලයකට පෙරයි. ඊටත් පෙර සිට ඈත අතීතයකට ඉන්දු ලංකා ඉතිහාසය දිව යනවා.

ඒ වගේම මේ රටවල් දෙකටම බටහිර ජාතීන්ගෙන් නිදහස උරුම වුණේ එකම කාලවකවානුවකදී වීමත් විශේෂත්වයක්.

පසුගිය ජනවාරි 26 වැනිදා සිකුරාදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඉන්දීය නිදහස් දිනය සමරනු ලැබුවා. ඒ ඉන්දීය මහ කොමසාරිස් තෙරාංජිත් සිං සඳු මහතාගේ සහභාගිත්වයෙන්. ඒ් වගේම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වුණා.

ඉන්දියා ජාතික ධජය විහිදුවමින් ඉන්දියාව නිදහස තහවුරු කිරීම ඉන්දිය මහ කොමසාරිස්වරයා විසින් සිදු කළ අතර ජනාධිපතිවරයා විසින් ඉන්දීය ජනරජ දිනයට විශේෂ සුබපැතුම් එක් කරනු ලැබුවා.

මේ අවස්ථාවට ඉන්දිය මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් මෙරට ප්‍රභූ පෙළැන්තියේ බහුතරයක් මෙන්ම ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාවත් මාධ්‍යවේදීන් හා විවිධ රටවල තානාපතිවරුන්ද සහභාගි වී සිටියා.

මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්. ආචාර්ය සරත් අමුණුගම, මනෝ ගනේෂන්, විජේදාස රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් රැසක්ම මේ අවස්ථාවට සහභාගි වුණා.

මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ දෙරටේම 70 වැනි නිදහස් සැමරුම වාසනාවන්ත සැමරුමක් බවයි. එසේම ශ්‍රී ලංකාවේ දියුණුවට අත හිත ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නිරතුරුවම බලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම තම රටේ නිදහස් උලෙළ සමරමින් අසල්වාසී අපට විශාල පිහිටක් ලබා දීමටයි ඉන්දීය රජය බලාපොරොත්තු වන්නේ.

විශේෂයෙන්ම 1990 සේවාව යටතේ නොමිලේ සපයනු ලබන ගිලන් රථ සේවාව මෙන්ම උතුර නැඟෙනහිර නිවාස 46000ක් වන ව්‍යාපෘතියත් එසේම වතුකරයේ ජනතාව උදෙසා නිවාස 14000ක් පමණ සාදා ඇති බවද මෙහිදී මහ කොමසාරිස්වරයා විසින් පෙන්වා දුන්නා.

එසේම මෙරට දුම්රිය සේවාව නංවාලීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 318ක් සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණයට ඇමරිකන් ඩොලර් මිලියන 45ක්ද ලබා දෙන බවත් දෙන බවත් ඒ මහතා පැවසුවා. මේ සියල්ලම ඇතුළත්ම ඇමරිකන් ඩොලර් බිලියන 2.76 ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා විසින් පෙන්වා දුන්නා.මෙම නිදහස් දින උලෙළේ තවත් විශේෂ සිදුවීමක් වූයේ මෙරටදී දිවි දුන් ඉන්දීය සාම සාධක හමුදාවේ සාමාජිකයන් සිහිපත් කරමින් කොළඹ පිහිටි ඉන්දීය සාම සාධක රණවිරු ස්මාරකය අභියසදී විශේෂ උපහාරයක් පවත්වනු ලැබීමයි. දෙරටේ මිතු දම තවත් වැඩි කරලීම සඳහා මේ නිදහස් දින උත්සවය තවත් හේතු සාධක වුණා.

 

Comments