ලෝක සැප සම්පත්වලින් 82%ක් ම සුපිරි ධනවතුන්ට | Page 2 | සිළුමිණ

ලෝක සැප සම්පත්වලින් 82%ක් ම සුපිරි ධනවතුන්ට

 සුපිරි ධනවතුන් විසින් ලෝකයේ සැප සම්පත්වලින් 82% ක් ම භුක්ති විඳිනු ලබන අතර ලෝක ජනගහනයෙන් අඩකට ඉන් කිසිවක්ම නොලැබෙන බව අන්තර්ජාතික ඔක්ස්පෑම් සංවිධානය සඳහන් කරයි. පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සම්මේලනයේදී එම සංවිධානය මෙම කරුණු අනාවරණය කළේ ය.

2017 දී ලෝකයේ සුපිරි ධනවතුන් සිය සෞභාග්‍යය ස්ටර්ලිං පවුම් බිලියන 762 කින් වර්ධනය කරගෙන ඇති අතර ලොව අතිශය දිළිඳු භාවය හත් ගුණයකින් වර්ධනය වී තිබේ.

ඇඳුම් හදන, දුරකථන එකලස් කරන හා ආහාර වවන සුළුතරයක් වූ ප්‍රකෝටිපතියන්ට අඩු මුදලට ශීඝ්‍රයෙන් අමුද්‍රව්‍ය සැපැයීමට සිදුවී ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

‘ධනය නොව වැඩ අගයන්න’ Reward Work not wealth) සඟරාව හෙළි කරන්නේ මෑත අතීතයේදී ලොව වැඩිම ධනවතුන් පිරිසක් බිහිව ඇත්තේ 2017 දී බවයි. ඒ අනුව 2017 දී ලොවට බිහිවූ නව ප්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව 2043 කැයි ලෝක සෞභාග්‍යය දත්ත වාර්තාව සඳහන් කරයි. 

 

Comments