
මෙරට රෝහල් රැසක් නවීකරණය කිරීම පිණිස චීන රජය විසින් රුපියල් මිලියන 20,000කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඒ යටතේ මෙරට ප්‍රධාන පෙළේ රෝහල් 13ක් නවීකරණය කරනු ලබන අතර ඒ නවීකරණ කටයුතු සිදු කිරීම දිවයින පුරා තෝරාගත් රෝහල් අතුරින් සිදු කෙරෙනු ඇත.
නවීකරණය කරනු ලබන රෝහල්වලින් රැසකටම නවතම බාහිර රෝගී අංශ, හදිසි අනතුරු අංශ මෙන්ම රසායනාගාර පහසුකම් හා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ඇති කෙරේ. එමෙන්ම විකිරණ පහසුකම් සහිත අංශ අන්තර්ගත කිරීමටද කටයුතු යොදනු ඇත. නවීකරණයට පත් කෙරෙන රෝහල් අතර කරාපිටිය, මීරිගම, එරාවුර්, බේරුවල, අලුත්ගම දර්ගා නගරය, සමන්තුරේ, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ, පොතුවිල් හා පොලොන්නරුව රෝහල් අන්තර්ගත වේ.