කූට වෙළෙඳුන්ට රතු එළි දැල්වේ | Page 2 | සිළුමිණ

කූට වෙළෙඳුන්ට රතු එළි දැල්වේ

 පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා 2017 වසරේදී පමණක් පාරිභොගික කටයුතු අධිකාරිය විසින් වැටලීම් 25,708 ක් කර තිබෙන බවත්, ඉන් 25,082 කට නඩු පවරා ඇති බවත්, අවසන් කරන ලද නඩු කටයුතු වලින් දඩ මුදල් ලෙස රුපියල් මිලියන 98.2 ක් රජයට අය කර දි තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය 2016 වසරට වඩා 2017 වසරේදී කරන ලද වැටලීම් සංඛ්‍යාව සියයට 17.52 කින් ඉහළ ගොස් තිබෙන අතර, වෙළෙඳපොළ අකටයුතුකම් පිළිබද පැමිණිළි 2301 ක් ලැබී තිබේ .

එයින් පැමිණිලි 594 ක් පිළිබඳ විමර්ශන අවසන් කර ඇති අතර තවත් පැමිණිලි 937 ක් වැඩි දුරටත් විමර්ෂණ සඳහා නීති කටයුතුවලට යොමු කර ඇත. 

 

Comments