
ජයසිරි මුණසිංහ
උතුරු නැගෙනහිර දෙපළාතේ දිගු කාලයක් තිස්සේ පවතින මාරු කාසි හිඟය මගහැරවීමට රුපියල් ලක්ෂ දෙසීයක මාරු කාසි එම පළාත්වල වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන තිබේ.
රු. 10/=, රු. 5/=, රු. 2/= හා රුපියලේ කාසි රුපියල් මිලියන 20 ක් ඉකුත් සතියේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ වාණිජ බැංකු විසින් මිලදී ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.