සරසවි පිවිසුම් අන්තර්ජාල අයදුම්පත් පෙබරවාරි 02 තෙක්... | Page 3 | සිළුමිණ

සරසවි පිවිසුම් අන්තර්ජාල අයදුම්පත් පෙබරවාරි 02 තෙක්...

අන්තර්ජාලය ඔස්සේ 2017-2018 අධ්‍යයන වර්ෂ සඳහා සරසවි අයදුම්පත් භාර ගැනීමේ කාලය පෙබරවාරි 2 දා දක්වා දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. මින් පෙර අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජනවාරි 26 ලෙස දක්වා තිබුණු අතර, අන්තර්ජාලය අවහිර වීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන් එම දිනය පෙබරවාරි 2 දක්වා සතියකින් දීර්ඝ කර තිබේ.

අන්තර්ජලය ඔස්සේ විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීමේදී පවතින යම් යම් තාක්ෂණික අවහිරතා සම්බන්ධයෙන් අවධානය යොමු කර මේ තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.

අයදුම්පත් පිරවීමේදී ශිෂ්‍ය අත්පොත හොඳින් කියවා අවබෝධ කරගැනීමෙන්ද ප්‍රමාදය අවම කරගැනීමට හැකියාව ලැබෙන බව ඒ මහතා කීවේය.

නැණසල මධ්‍යස්ථාන ඇතුළු ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන රැසක මෙම ‘ඔන්ලයින්‘ ලියාපදිංචිය සිදු කරන අතර, මේ වන විට ඒවායේ අධික තදබදයක් පවතින බවද වාර්තා වේ.

එක් විෂයයක් ලියාපදිංචිය සඳහා ගත වන කාලය පැය බාගයකට ආසන්න වන බැවින් එක් දිනකදී ලියාපදිංචි කිරීමට සිදු වන්නේ සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකි. මේ නිසා අන්තර්ජාලය අවහිර වීම නිතර සිදු වන බවද නැණසල කළමනාකරුවෝ පවසති. 

Comments