ලංකා සීනි සමාගමට වාර්තාගත ශුද්ධ ලාභයක් | Page 3 | සිළුමිණ

ලංකා සීනි සමාගමට වාර්තාගත ශුද්ධ ලාභයක්

පාඩු පිට පාඩු ලබමින් වැසී යෑමට ආසන්නව තිබූ රජයට අයත් ලංකා සීනී සමාගම පසුගිය වසර අවසාන වනවිට රුපියල් මිලියන 1174 ක් හෙවත් බිලියන 1,1 ක ශුද්ධ ලාබයක් හිමිකර ගැනීමට සමත්ව සිටී. ලංකා සීනී සමාගම 2015 ට පෙර වසරකට රුපියල් බිලියනයකට අධික පාඩු ලැබු අතර උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට සේවා ගාස්තු ගෙවා ගැනීමටත් නොහැකි දැඩි අසීරූ තත්ත්වයක පැවති බවත් අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කළ විෂය බාර ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා එකී තොරතුරු මෙසේ අනාවරණය කෙළේය.

'2015 වසරේදී රුපියල් බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී එම පාඩුව අවසන් කළා පමණක් නොවෙයි මිලියන 1006 කලාභයක් ද ලැබූවා, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූණා. 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක ලාභයක් හිමිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.'

'සෙවණගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට වගේම භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණා. මේ පිළිබඳව අවධානය යොමු කරලා සීනි කර්මාන්තය යළි නගා සිටු වීමටත් සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත් පමණක් නොව, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීමටත් මනා කළමනාකාරීත්වයක් ඇති කිරීමටත් පියවර ගත්තා..ඒ අනුව සේවකයන්ගේ මෙන්ම උක්ගොවින්ගේ සහයෝගය ද ලබා ගනිමින් සමාගමේ ලාභාංශ වැඩි කිරීමට පියවර ගැනුණා. ' යැයි ඔහු පැවසීය.

Comments