මේ සීතල අවදානම්! | Page 2 | සිළුමිණ

මේ සීතල අවදානම්!

මේ දිනවල පවතින ශීත කාලගුණ තත්ත්වයත් සමඟම ළමයින් අතර හුස්ම ගැනීමේ අසීරුව සහ හතිය වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකියැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. රාත්‍රි කාලයේ කැස්ස, හතිය සහ උණ මෙහි රෝග ලක්ෂණ වේ.

උදෑසන හා රාත්‍රියෙහි පවතින අධික සීතල දේශගුණය හේතුවෙන් ශ්වසන රෝග සහිත ළමයින්ගේ රෝග තත්ත්වය උග්‍ර වීම මෙන්ම අලුතින් රෝගයට ගොදුරු වන ළමයින් සංඛ්‍යාවේ වර්ධනයක්ද දක්නට ලැබෙතැයි ඔහු පවසයි. දහවල් කාලයේ පවතින දැඩි උණුසුම් කාලගුණය සහ අධික දුහුවිල්ලද සෙම් රෝග මෙන්ම චර්ම රෝග වර්ධනය කෙරෙහිද බලපා තිබේ.

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ බඩ බුරුලට මල පහ පිට වීමත් සමඟ ඇති වන උණ රෝගයක්ද මෙකල පැතිර යමින් පවතී. 

Comments