එලොව පෙනෙන පොල් මිල තවදුරටත් බෑ! | Page 3 | සිළුමිණ

එලොව පෙනෙන පොල් මිල තවදුරටත් බෑ!

පොල් සඟවා තබාගනිමින් පවත්වාගෙන ගිය කළුකඩ මිල තත්ත්වය මේ වන විටත් අවසන්ව ඇති බවත්, පහසු මිලට පොල් මිල දී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ඇති බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි. පොල් සඳහා රුපියල් හැත්තෑපහක පාලන මිලක් පනවා ඇති අතර, පොල් මද ආනයනය සමඟ පොල් සඟවා සිටීමට තවදුරටත් කළුකඩ හිමියන්ට නොහැකි වී ඇති බවද ඒ මහතා පැවසීය. පසුගිය වසර අවසානයේදී පැවති නියං තත්ත්වය පොල් ඵලදාවට ඍජුව බලපෑ නමුත් එය පොල් මිල ඉහළ මෙතරම් ඉහළ යෑමට තරම් හේතුවක් නොවූ බවද සභාපතිවරයා පැවසුවේය.

පොල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් අපහසුවට පත් කිරීමෙන් කළුකඩ වෙළෙන්දන් ගෙන ගිය සෑම ක්‍රියා පිළිවෙතක්ම මේ වන විට පරාජය කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලයට හැකිව ඇති බව පවසන සභාපතිවරයා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජංගම රථ මඟින් මේ වන විටත් පොල් බෙදාහැරීමේ දීපව්‍යාප්ත සේවයක් සිදු කරගෙන යන බවද පැවැසුවේය. 

Comments