‍ජනාධිපතිතුමාගේ තෙවර්ෂ පුර්ණ පදවි ප්‍රාප්තියට පින්කම් රැසක් | Page 2 | සිළුමිණ

‍ජනාධිපතිතුමාගේ තෙවර්ෂ පුර්ණ පදවි ප්‍රාප්තියට පින්කම් රැසක්

 2015 වර්ෂයේ ජනවාරි 08 දින ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් වීමත් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ට ද නවමු බලාපොරොත්තු රැසක් ඇතිවිය. එතුමා පොරොන්දු වූ පරිදි දින 100 වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ දෛනික වැටුප් ලබමින් සිටි 40000 කට ආසන්න පිරිස විශ්‍රාම වැටුප් සහිතව ස්ථිර කිරීම දෙපාර්තමේන්තුව ලද සුවිශේෂි ජයග්‍රහණයකි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි වසර 20 ක සේවා කාලය සම්පුර්ණ කළ කාන්තා සාමාජිකාවන් හට විශ්‍රාම යෑමේ විශේෂ වරප්‍රසාධය නව රජය විසින් හිමි කර දී ඇති අතර සිවිල් ආරක්ෂක පිරිමි සාමාජිකයින්ට වසර 22 ක සේවා කාලය සම්පුර්ණ වීමෙන් පසු විශ්‍රාම යාමට අවස්ථාව හිමි වී ඇත.

විශ්‍රාම යාමෙන් පසු රජයේ සේවකයෙකුට විශ්‍රාම වැටුපකට අදාළව සිදු කෙරෙන සියලුම හිමිකම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ට ද හිමි වනු ඇත.

මෙම විශේෂ වරප්‍රසාදය හිමි කර දුන් කෘතගුණ දන්නා ජන නායකයෙකු වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තුන්වන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එතුමන්ට සහ රජයට ලක්වාසී ජනතාවට සෙත්පතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බළකා සහ පුහුණු පාසල් මඟින් බෝධි පුජාමය පිංකම් රැසක් සංවිධානය කරන ලදි. අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි රජයට සහ ලක්වැසි ජනතාවට සෙත් පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 1000ගේ සහභාගීත්වයෙන් බෝධි පුජාමය පිංකම පවත්වන ලදි.

එමෙන්ම කතරගම බළකා මුලස්ථානයේ සාමාජික / සාමාජිකාවන් 1000 ගේ සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර අබියසදී පහන් පුජාවක් සහ නෙළුම් මල් පුජාවක් ද මහා දේවාලයේ දේව පුජාවක් සහ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.

නුවර බළකා මුලස්ථානයේ සාමාජික සාමාජිකාවන් 400 ගේ සහභාගීත්වයෙන් දළදා මාළිගාව අබියස දී බෝධි පුජාමය පිංකමක් පැවැත්වූ අතර පොළොන්නරුව බළකා මුලස්ථානය මඟින් සාමාජික සාමාජිකාවන් 1000 ගේ සහභාගිත්වයෙන් ගල් විහාරයේදී බෝධි පුජාමය පින්කමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්විය. 

 

Comments