
මහවැලියැයි කියූ විට අපට ගොවිතැන නැතහොත් කෘෂිකර්මාන්තය පිළිබඳ සිහිපත් වූවත් ඉන් ඔබ්බට ගිය පෘතුල ව්‍යාපාරයක් බව නිර්ණය කිරීමට සහ තහවුරු කිරීමට පෙළ ගැසුණු සාධක ගණනාවකි. මහවැලි ගොවි පවුල් ආශ්‍රිත බිහිවූ දරුවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනයාමට රජය පියවර ගන්නා ලදී. අධ්‍යාපානයට අමතරව මේ අනුව මහවැලි දරුවන්ගේ සංස්කෘතික අංග, මහවැලි ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී. මෙයින් නොනැවතී මවුපිය ආරට යන කෘෂි දරුවන් බිහි වූ අතර නව තාක්ෂණය සමඟ බද්ධ වෙමින් කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයාම පිණිස ඔවුහු පෙළ ගැසුණහ.
ආහාර සුරක්ෂාව, තිරසාර
සංවර්ධනය, වස විස නැති
ගොවිතැන ගැන විශේෂ අවධානයක් රජය විසින්
යොමු කර ඇති මෙකල,
මහවැලි ගොවිජන ව්‍යාපාරයට
හිමි වන්නේ විශේෂ ස්ථානයකි. තාක්ෂණික ලෝකය දෙසට
ගොවිබිම හැරයාම වෙනුවට
ගොවි බිමට තාක්ෂණික ලෝකය
කැඳවාගෙන, සම්ප්‍රදායික
ගොවිතැනෙන් ව්‍යවසායක
ගොවිතැනට මහවැලි ගොවියෝ යොමු වෙමින් සිටිති.
දේශීය කෘෂි ආර්ථිකය සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මහවැලි සංවර්ධන ව්‍යාපාරය බිහිවිය. මේ යටතේ මහවැලි කලාප රැසක් සංවර්ධන කෙරිණි. මේ අනුව ඒ ඒ කලාපවලට විශේෂිත වූ සංවර්ධන පද්ධති ක්‍රියාත්මක විය.
මහවැලි කලාප ආශ්‍රිතව වී වගාව මෙන්ම සෙසු වගාවන් ද වගා කිරීමේ ව්‍යාපෘති බිහි වූ අතර ඒ ඒ ව්‍යාපෘති ආශ්‍රිත කරගෙන ගොවිජනතාව පදිංචි කිරීම ද සිදු විය.
මහවැලියේ කෘෂි සංවර්ධනය පමණක් නොව මහවැලියට ආවේණික සංස්කෘතියක් ද බිහි විය. ලක්දිව වාරිකර්මාන්තයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස බිහි වූ මහවැලිය, වාරි කර්මාන්තයට නව ජීවයක් ලබා දුණි.
මහවැලි කලාප බිහිවීමත් ගොවි ජනපද අරැඹීමටත් මූලික වූයේ අතීත හුරුවය. අතීතයේ අපේ රටට සහලින් ස්වයංපෝෂිත වූ තමන්ම තම ගෙවත්ත වගා කරමින් ආහාර බෝග සපයා ගැනීමේ ක්‍රමවේදයකට අපේ පැරැණියෝ හුරුව සිටියහ.
මහාවංශයේ සහ දීපවංශයේ සඳහන් වන පරිදි ලක්දිව ජනාවාස බිහිවූයේ ක්‍රි. පූ. හයවන සියවසේය. මේ අවධියේ පැමිණි ආර්යෝ ගංගා මිටියාවත්වල පදිංචි වූහ.
ඔවුන්ගේ අරමුණ වූ කෘෂි කර්මාන්තය නිසා වඩා පහසු උචිත වාසස්ථාන ඔවුහු තෝරා ගත්හ. ගංගා නිම්නවල තම ජීවිකාව අරමුණු කරගෙන පදිංචි වූ ඔවුන්ගෙන් කෘෂිකර්මාන්තය ව්‍යාප්ත විය. මේ අයුරින් අපේ රට කෘෂිකාර්මික රටක් බවට පරිවර්තනය විය.
කෘෂිකර්මාන්තයට බද්ධව නොයෙක් කර්මාන්ත බිහිවූ අතර මේ සෑම කර්මාන්තයක්ම ගොවිතැන කේන්ද්‍ර කරගත් කර්මාන්ත විය.
එහෙත් පසුකාලීනව කෘෂිකර්මාන්තය බිහි කිරීමට විවිධ බාධක හේතු වූ අතර මින් ප්‍රධාන ප්‍රශ්නය වූයේ ක්‍රමවත් වාරිව්‍යාප්තියක් නොමැතිවීමයි. වියළිකලාපයේ වගා කළ හැකි බිම් තිබුණ ද ඒවා වගා කිරීමට ජලය නොමැතිවීම අපේ පෞරාණික වාරි පද්ධතිය අක්‍රිය වීමත් ප්‍රධාන ප්‍රශ්නයකි.
තෙත් කලාපයේ ඇති ජල අතිරික්තය නිසි ලෙස යොදා නොගැනීම නිසා නිකරුණේ මුහුදට ගලාගෙන යෑම මිස අන් කිසි දෙයක් සිදු නොවුණි.
මෙහි යථාර්ථය තේරුම් ගත් එවක මහවැලි ඇමති ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන සැලැසුම ආරම්භ විය. අවුරුදු තිහකින් නිමකරන්නට තිබූ මේ සැලැසුම කඩිනම් සැලැසුමක් ලෙස වේගවත් වූයේ ගොවියන්ගේ අභිවෘද්ධිය පෙරදැරි කරගෙනය. බොහෝ ගොවියන් පිරිසක් ජලය නොමැතිවීම නිසා වගාවන් අතර හැර දැමූ කාලවකවානුවක ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටුණ මහවැලි හරස්කරමින් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරන ලදී.
අරමුණ දේශීය කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීම වුවත්, මහවැලි ගොවි ජනතාවක් ද එම ව්‍යාපෘතිය යටතේ බිහිවිය. විසිරී පැවැතුණ මාර්ග එක් අරමුණක් වෙනුවෙන් කේන්ද්‍රගත වූ අතර මහවැලියට ආවේණික සංස්කෘතික පද්ධතියක් බිහිවිය.
මහවැලියැයි කියූ විට අපට ගොවිතැන නැතහොත් කෘෂිකර්මාන්තය පිළිබඳ සිහිපත් වූවත් ඉන් ඔබ්බට ගිය පෘථුුල ව්‍යාපාරයක් බව නිර්ණය කිරීමට සහ තහවුරු කිරීමට පෙළ ගැසුණු සාධක ගණනාවකි.
මහවැලි ගොවි පවුල් ආශ්‍රිත බිහි වූ දරුවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනයෑමට රජය පියවර ගන්නා ලදී. අධ්‍යාපානයට අමතරව මේ අනුව මහවැලි දරුවන්ගේ සංස්කෘතික අංග, මහවැලි ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී. මෙයින් නොනැවතී මවුපිය ආරට යන කෘෂි දරුවන් බිහි වූ අතර නව තාක්ෂණය සමඟ බද්ධ වෙමින් කෘෂිකර්මාන්තයට ඉදිරියට ගෙනයෑම පිණිස ඔවුහු පෙළ ගැසුණහ.
මහවැලි කලාප දහයක් තිබෙන අතර කොට්ඨාස අනුව හතළිස් හතරකි. ඒකක ගම්මාන දෙසිය විසි තුනකි. ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් දහසකි. මේ අනුව වාරි ජලයෙන් හෙක්ටයාර් එක්ලක්ෂ පන්දහසක් වගා කරන අතර වාරි නොවන ජලයෙන් හෙක්ටයාර් විසි දහසක් වගා කෙරේ.
කෙසේ වුවත් මහවැලිය ආශ්‍රිතව ගොඩනැඟුණ වාරිකර්මාන්තයත් මහවැලිය ආශ්‍රිතව ගොඩනැඟුණ සංස්කෘතියත් කලක් සක්‍රීයව තිබුණ ද පසුව එය අඩපණ විය. එහි තිබූ නැවුම් බව සහ මුඛ්‍ය පරමාර්ථය ජනතාවට පමණක් නොව ගොවිජනතාවට ද අමතක විය. ඔවුහු විවිධ ව්‍යාපාර කරා අවතීර්ණ වූහ. මවුපිය හුරුවෙන් රැකගෙන ආ ගොවි අධ්‍යාපනය ගොවි දරුවන්ගෙන් ඈත් විය. ඔවුන් වෙනත් කර්මාන්ත කරා සේන්දු වූයේ කෘෂිකර්මාන්තය අතහැර දමමිනි.
එහෙත් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයත් සමඟ මහවැලියේ පරමාර්ථ යළිත් පණ ගැන්විණි. මෙතෙක් මුළු මහවැලි කලාපවලින් වාර්ෂික වී නිෂ්පාදන මෙට්‍රික්ටොන් 933650ක් වූ අතර එය වර්ධනය කිරීම එහි පරමාර්ථය විය. මේ අනුව ආරම්භ වූ ‘යළි අපි නැඟිටිමු අටුකොටු පුරවමු‘ වැඩ සටහන යටතේ නව සංකල්ප ගොඩ නැඟිණි.
අහාර නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක් ඇති කිරීම.
වස විසෙන් තොර ගුණාත්මක ආහාර නිෂ්පාදනය
ජල කළමනාකරණය කාර්යක්ෂම කිරීම
මහවැලි ගොවි ආර්ථිකය දියුණු කිරීම
තිරසාර පාරිසරික සංවර්ධනය
නව ආයෝජන ව්‍යාපෘති සුලභ කිරීම මඟින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම
පශු සම්පත්, මිරිදිය ධීවර කර්මාන්තය හා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම
වැඩ අවසන් කර ඇති ව්‍යපෘති ජනතා අයිතියට පැවැරීම
ඉඩම් ඔප්පු ලක්ෂයක් ගොවි ජනතාවට පැවැරීම
තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ පාසල් දරුවන්ගේ දැනුම පුළුල් කිරීම
මහවැලි කාර්යාල පද්ධතිය කාර්යක්ෂම කිරීම
ආරම්භයේදී මහවැලි කලාපවල ප්‍රධාන බෝගය වූයේ වී වගාව වුවත් පසු කාලීනව එහි වෙනසක් ඇති විය. මේ අනුව සැලැසුම් සහගත අස්වැන්නක් මහවැලි කලාපවලින් අපේක්ෂා කෙරිණි. ඒ පදනම මත 2017/2018 මහ කන්නයේ මහවැලි කෘෂිකර්ම ව්‍යාප්ති සැලැස්ම ප්‍රකාශයට පත් විය.
මේ අනුව වී ඇතුළුව සෙසු බෝගවල ද සැලැසුම් සහගත අස්වැන්නක් නෙළා ගැනීමට අපේක්ෂා කරයි. වි නිෂ්පාදනයෙන් මෙ.ටො 500,000ක් අපේක්ෂා කරන අතර බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් මෙ.ටො. 8690ක් ද සෝයා නිෂ්පාදනයෙන් මෙ.ටො. 1554ක් ලොකු ලූනු බීජ නිෂ්පාදනයෙන් මෙ.ටො. 12ක් ද අපේක්ෂිතය. මේ අතර මිරිස් මෙ.ටො. 3856ක්, මාෂ බෝග මෙ.ටො. 1500ක්, කුරක්කන් මෙ.ටො.970ක්, එළවළු මෙ.ටො.46000ක් අස්වැන්න ලබා ගැනීමට නියමිතය.
මහවැලි ගොවීන් රටේ කෘෂි ආර්ථිකය ගොඩ නංවන අතර තමන්ගේ ගෙවත්තේද ආහාර බෝග වගා කිරීමේ පිළිවෙතක් මේ වන විටත් ආරම්භ කරන ලදී.
සෑම ගොවියකුම මේ ක්‍රමවේදයට අනුගත කිරීමේ ක්‍රියාදාමයක් මේ වන විටත් ක්‍රියාත්මකය. ආදර්ශ ගෙවතු 15000ක් සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයක් මේ වනවිටත් සිදු වෙමින් පවතී.
මහවැලිය ආශ්‍රිතව පංශු සම්පත් වර්ධනය කිරීම ද සිදුවේ. කිරි හරක්, කුකුළු පාලනය, වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ගොවින්ට මනා දැනුමක් සහ පුහුණුවක් ලබා දෙන අතර මහවැලි කලාප ආශ්‍රිතව මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම ද පරමාර්ථ කරගෙන තිබේ.
යළි මහවැලි කලාප දියුණු කිරීමත්, එමඟින් ලාංකික කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමත්, අභිප්‍රාය වී අතර අතර ඒ සඳහා කෘෂි ආර්ථිකය විවිධාංගීකරණය වීම සිදු වේ. මේ අනුව මහවැලි ගොවි ව්‍යවසායකයන් බිහි කිරීමත්, මහවැලි ගොවි දරුවන් කෘෂි ආර්ථිකයට යොමු කිරීමත් පරමාර්ථය වී තිබේ. ඒ ඒ කලාපයට ආවේණික බෝග ව්‍යාප්ත වී තිබූ අතර ඒ බෝග සඳහා වෙළෙඳ පොළ සක්‍රීය කරගන්නේ කෙසේ ද යන්න පිළිඳව ද සංවේදී වී තිබේ. එදා මහවැලි ගොවියා සාමාන්‍ය ගොවියකු වූ අතර අද ගොවි ව්‍යවසායකු බවට පත් වී තිබේ. ගොවි දැනුම පාරම්පරික වුවත්, තාක්ෂණය සංයෝජනය වූ නව ව්‍යවසායකයකු බවට මහවැලි ගොවියා පත් වීම ජයග්‍රහණයකි. අන්තර්ජාතික කෘෂි ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ගොවියා කෘෂි දැනුම සොයන්නකු සහ පර්යේෂකයකු බවට පත් විය යුතුයි. වර්තමානයේ එවැනි වැඩ පිළිවෙළක් මහවැලි ව්‍යාපාරයෙන් ක්‍රියාවට නැංවෙයි.
රූපාන්ති බුලත්සිංහල