
වයඹ පළාතේ ඉඳි කළ පළමු ගුවන් පාලම වන පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 වැනිදා බදාදා පෙරවරුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් ජනතා අයිතියට පත් කෙරේ.
මේ මාසයේ ජනතා අයිතියට පත් කරනු ලබන තුන්වන ගුවන් පාලම මෙය වේ.
මංතීරු 02 ක් සහිතව රුපියල් මිලියන 2,203.11 ආයෝජනය කරමින් මීටර 650ක පිවිසුම් මාර්ගයක් සහිතව මීටර 883 දිගින් යුත් පොල්ගහවෙල ගුවන් පාලමේ වැඩ ආරම්භ කරන ලද්දේ පසුගිය 2016 වසරේ අප්‍රේල් මස 19 වැනිදා වන අතර මීටර් 883ක දිගකින් යුතු මෙරට දිගම ගුවන් පාලම ලෙසින් හැඳින්විය හැකි මේ පාලම නිසා පොල්ගහවෙල කෑගල්ල මාර්ගයේ වාහන ගමනා ගමනයට විශාල සෙතක් සැලසෙනු ඇත. විශේෂයෙන්ම පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසලින්ම මහා මාර්ගයද දිවෙන අතර පොල්ගහවෙල දුම්රිය ගමනාන්තයක් මෙන්ම දුම්රිය මංසන්ධියක්ද වන නිසා ඇතැම් අවසථාවලදී විනාඩි 20කට ආසන්න වේලාවක් දුම්රිය ගේට්ටුව වසා දැමීමට සිදු වන අතර මේ ගුවන් පාලම නිසා රථවාහන ගමනාගමනය විශාල පහසුවක් සැලසෙනු ඇත.