දිරන ‘ලන්ච් ෂීට්’ හඳුනාගැනීමට පරිසර අධිකාරියෙන් අංකයක් | Page 2 | සිළුමිණ

දිරන ‘ලන්ච් ෂීට්’ හඳුනාගැනීමට පරිසර අධිකාරියෙන් අංකයක්

දිරන පොලිතීන් දැන් මෙරට ආයතන 33කින් නිපදවන බවද සියලු දිරන ‘ලන්ච් ශීට්’ වලට මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමත අංකයක් දී ඇති බවද, ඒ අනුව ජනතාව කළ යුත්තේ ඒ අංකය සඳහන් ‘ලන්ච් ශීට්’ පමණක් මිල දී ගැනීම බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

දිරන ‘ලන්ච් ශීට්’ සහන මිලට නිපදවන ආයතන 33ක් මඟින් රුපියල් 2.35 සිට මේ ලන්ච් ශීට් ජනතාවට ලබාගත හැකි බවද මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

පොලිතීන්වල දිරන බව හා ඊට ගත වන කාලය පිළිබඳ විද්‍යාත්මක ප්‍රමිතීන් ජාතික ප්‍රමිති කාර්යාංශය මඟින් අනුමත කර ඇති බවද, ඒ අනුව ඉහත ආයතනවලින් නිපදවන පොලිතීන්වලට ප්‍රමිති කාර්යාංශය මඟින් අනුමැතිය ලබා ඇති බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියයි.

එලෙස ප්‍රමිති කාර්යාංශයෙන් අනුමත කළ ඉහළ ප්‍රමිතියේ ඉක්මනින් දිරන පොලිතීන් සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලියාපදිංචි අංකයක් ලබාදයි. ඒ අංකය සෑම දිරන පොලිතීන් පැකට්ටුවකම සඳහන් කළ යුතුව තිබේ. මේ අනුව එම ලියාපදිංචි අංකය ඇති පොලිතීන් පමණක් මිල දී ගැනීමට මහජනතාව කටයුතු කිරීම පරිසරයට මහඟු සෙතක් බවද සභාපතිවරයා කියයි. 

Comments