
ජනවාරි
1 - ඉස්තන්බුල්හි රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්රස්තවාදීහු බාර ගනිති.
පෙබරවාරි
4 - මීට දශක පහකට පෙර මෙලොවින් වඳවී ගියේ යැයි සැක කළ ගෙඹි විශේෂයක් යළිත් සොයා ගැනේ.
6 - දෙවැනි එළිසබෙත් රැජින බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රාජ්‍යත්වය හෙබවූ රජ පවුල් සාමාජිකයා බවට පත් වේ.
7- පිලිපීනයේ මැනිලා නුවර ඇතිවූ ගින්නකින් 15000ක් අවතැන් වේ.
13 - පකිස්තානයේ ලාහෝර් නුවර විරෝධතාකරුවන් 400ක් පමණ රැස්ව සිටි විරෝධතාවකට බෝම්බ ප්‍රහරයක් එල්ල වේ. 13 දෙනකු මියයයි.
මාර්තු
1 - කැනඩාවෙන් හමු වූ ෆොසිලයකින් පෘථිවියේ ජීවය පිළිබඳ පැරණිතම සාක්ෂි හමු වේ.
10 - විශ්වාසභංගයක් මගින් දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් හයේ ධූරයෙන් පහ කෙරේ.
14 - පිරූ හි ගංවතුර නිසා 67 දෙනකුට ජීවිත අහිමි වේ.
31 - ජනාධිපතිගේ ධූර කාලයේ සීමා ඉවත් කිරීමට එරෙහිව පැරගුවේ ජනතාව එරට කොංග්රස් ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කරති.
අප්‍රේල්
1 - කොළොම්බියාවේ නාය යෑමකින් 254 දෙනකු මියයයි.
3 - ඊජිප්තුවේ කයිරෝ නුවර සිට සැතපුම් 25ක් දුරින් දකුණින් පිහිටි නව පිරමීඩයක නටඹුන් සොයා ගැනීමට පුරා විද්‍යාඥයෝ සමත් වෙති.
5 - උතුරු කොරියාව ජපන් මුහුදේ මිසයිලයක් අත්හදා බලයි.
22 - මිහිකත දිනය සමරමින් ලොව පුරා ජනතාව පා ගමනේ යෙදෙති.
24 - අමෙරිකානු ජාතික පෙගී වොට්සන් වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට සමත් වෙයි. ඇය අභ්‍යවකාශයේ ගත කළ දින ගණන 534කි.
මැයි
7 - ප්‍රංසයේ නව ජනාධිපති ලෙස 39 හැවිරිදි එම්මානුවෙල් මැක්රෝන් තේරී පත් වේ.
20 - ඉරාන ජනාධිපති ලෙස හසන් රෞහානි මිලියන 8ක වැඩි ඡන්ද ලබා තේරී පත් වේ.
30 - බංග්ලාදේශයේ හදිසි සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මිලියන 5කට අධික ජනතාවක් අවතැන් වේ.
ජුනි
5 - බහරේන්, ඊජිප්තුව, ලිබියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ යේමනය යන මැද පෙරදිග කලාපීය රටවල් එකතුව කටාරය සමග පැවති සියලුම සබඳතා අත්හිටුවීමට කටයුතු කරයි.
7 - මගීන් 120ක් සමග මියන්මාර ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට පත් වේ.
14 - ලන්ඩන් නගරයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 80ක් මිය යයි.
16 - අයිඑස්අයිඑල් ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි රුසියන් ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් වූ බව තහවුරු වේ.
ජූලි
4 - උතුරු කොරියාව තම ප්‍රථම අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බලයි.
20 - රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ නව ජනාධිපති ලෙස පත් වේ.
28 - නවාස් ශරීෆ් පකිස්ථානයේ අගමැති ධූරයෙන් ඉවත් කෙරේ.
30 - උතුරු ඉන්දියාවේ අධික වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් 300කට අධික පිරිසක් මියයයි.
අගෝස්තු
11 - ඊජිප්තුවේ දුම්රිය අනතුරක් හේතුවෙන් 200කට අධික පිරිසක් මියයයි.
17 - ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ.
22 - තුන්වරක් 'තලාක්' යැයි පැවසීමෙන් කාන්තාවන් දික්කසාද කිරීමේ නීතිය ඉන්දියාව තහනම් කරයි.
24 - කටාරය ඉරානය සමග සබඳතා අලුත් කර ගනී.
27 - මියන්මාරයේ සිට බංග්ලාදේශයට දහස් ගණනින් රොහින්ගියා සරණාගතයින් පැමිණීම සිදුවේ.
සැප්තැම්බර්
6 - ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස නිදහස් වීමට එරට මධ්‍යම රජයෙන් අවසර පතයි.
12 - ඇපල් සමාගම නවතම අයිෆෝන් මාදිලි තුනක් හඳුන්වා දෙයි.
14 - හිම දිවියන් තවදුරටත් වඳවී යෑමේ තර්ජනයට ලක් වූවන් ලෙස සැලකිය යුතු නැති බව ප්‍රකාශ වේ.
15 - ලන්ඩන් නගරයේ බෝම්බ පිපිරීමකින් 70 දෙනෙක් තුවාල ලබයි.
ඔක්තෝබර්
1 - අමෙරිකාවේ ලාස් වේගාස්හි සිදුවූ වෙඩි තැබීමකින් 58 දෙනකු මියගොස් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබයි.
14 - සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 300කට අධික සංඛ්‍යාවක් මියයයි.
19 - නවසීලන්තය එරට ලාබාලතම අගමැතිනිය තෝරා පත් කර ගනී. ඇය 37 හැවිරිදි ජසින්දා අදෙරන් ය.
නොවැම්බර්
3 - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියාවේ සංචාරයක නිරත වේ.
9 - අයිඑස් සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව සිරියාව නිල වශයෙන් ප්‍රකාශ කරයි.
9 - නව දිල්ලිය ලෝකයේ වායු දූෂණය අධිකතම නගරය ලෙස වාර්තා පොතට එක් වේ.
15 - සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට හමුදාව විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබේ.
දෙසැම්බර්
6 - රුසියානු පාර්ලිමේන්තු සැසි ආවරණය කිරීම අමෙරිකානු මාධ්‍යවේදීන්ට තහනම් කෙරේ.
7 - ජෙරුසෙලම ඊශ්‍රායෙලයේ අගනුවර බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
11 - සිරියාවෙන් රුසියානු හමුදා යළි කැඳවන බව රුසියානු ජනාධිපති පුටින් පවසයි.
14 - තමන් යළිත් වරක් ජනාධිපතිධූරය සඳහා තරග වැදීමේ අපේක්ෂාවෙන් පසුවන බව රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් පවසයි.
ටිරෝනි වෑවලගේ