භාණ්ඩ වර්ග 500ක මිල 40%කින් අඩු වෙලා | Page 3 | සිළුමිණ

භාණ්ඩ වර්ග 500ක මිල 40%කින් අඩු වෙලා

 උත්සව සමයේ සහන මිලට ආහාර ලබාදීමේ රජයේ නව වැඩපිළිවෙළ යටතේ, සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය ආහාරපාන, සිල්ලර බඩු ඇතුළු පාරිභෝගික භාණ්ඩ 500ක පමණ 40% දක්වා මිල අඩු කොට ජනතාවට සහන සලසා දීමට දැන් පියවර ගෙන ඇත.

සතොස ඉතිහාසයේ මෙතරම් භාණ්ඩ වර්ග ප්‍රමාණයක් මේ තරම් අඩු මිලට ලබා දෙන්නේ ප්‍රථම වරට බවත්, ඒ අනුව සමහර පාරිභෝගික භාණ්ඩවලින් රු. 260 දක්වා මිල අඩු කිරීම් සිදු කර ඇති බවත් සතොස ආයතනයේ ඉහළ නිලධාරියෙක් සිළුමිණට කීය.

මේ අතර සමහර එකම වර්ගයේ භාණ්ඩ 2ක් හෝ 3ක් මිල දී ගත් විට පරිප්පු හා අනෙක් අත්‍යවශ්‍ය දේ නොමිලේ ලබා දීමද සිදු කරනු ලැබේ.

ඒ අනුව නෙස්ටොමෝල්ට් ග්රෑම් 400 පැකට් දෙකක් මිල දී ගත් විට පරිප්පු ග්රෑම් 400ක් නොමිලේ දෙන අතර, ‍හෝර්ලික්ස් ග්රෑම් 400ක් මිල දී ගත් විට ඔරලෝසුවක් තෑගි ලැබේ. රූපලාවණ්‍ය භාණ්ඩවල මිලද මේ යටතේ 40-50% අතර ප්‍රමාණවලින් අඩු කර ඇති අතර, මේ දීමනාව නත්තල් හා අලුත් අවුරුදු සමය සඳහා ක්‍රියාවට නංවා ඇතැයි සතොස පවසයි. 

 

Comments