දකුණු ආසියාවේ හොඳම කෑම අපෙන්! | Page 3 | සිළුමිණ

දකුණු ආසියාවේ හොඳම කෑම අපෙන්!

දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මුල් තැන රැකගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින නමුත් ගෝලීය ආහාර සුරක්ෂිතා දර්ශකයේ 60 සිට 66 දක්වා පහත වැටීමට ලක්ව තිබේ. එය ඉකුත් වසර 5ක සිට පැවතෙමින් ආ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව කියවේ. දකුණු ආසියානු රටවල් අතුරින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින්නේ ලෝකයේ හොඳම ආහාර සුරක්ෂිත රටවල් 113ක් අතරින් 66 වැනි ස්ථානයට පත් වන අතරවාරයේය. මීට වසර 5කට ප්‍රථම ශ්‍රී ලංකාව එහි 60 වැනි ස්ථානයේ පසු විය.

එසේම ශ්‍රී ලංකාව වඩාත් යහපත් ආහාර සුරක්ෂිතතාවක් පවත්නා රටක් ලෙස ද එහි වර්ග කර ඇති අතර, ආහාර මිල දී ගැනීමට ඇති හැකියාව අතින් 54.8ක්ද, ආහාර බහුලව තිබීම අතින් 52.8ද, තත්ත්වය හා සුරක්ෂිතතාව අතින් 49.5ක්ද යනාදි වශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු හිමි වී තිබේ. මිල දී ගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව 61 වැනි තැනට පත්ව සිටී. ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව දක්වන පරිදි ඉන්දියාවට හිමි වී ඇත්තේ එහි 74 වැනි ස්ථානයයි. අයර්ලන්තය ලොව සුරක්ෂිතතාව අතින් හොඳම රට වන අතර, පිළිවෙළින් අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව හා ඔස්ට්‍රේලියාව මේ දර්ශකයෙහි මුල් ස්ථාන අතරට පත්ව තිබේ. 

 

Comments