සෝන්ඩර්ස් සුපර්සන් ගැටුම අද | සිළුමිණ

සෝන්ඩර්ස් සුපර්සන් ගැටුම අද

ùp{§p‰ Yj‰h£xv

 චැම්පියන්ස් පාපන්දු ලීග් තරගාවලියේ සෝන්ඩර්ස් සහ සුපර් සන් අතර තරගය කලුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී පැවැත්වෙයි. මාස හතරක් තිස්සේ තවදුරටත් චැම්පියන්ස් පාපන්දු ලීග් තරගාවලියේ පෙරමුණ ගැනීටම රිනවුන් කණ්ඩායම සමත්ව තිබෙන්නේ තරග 16 කදී ජයග්‍රහණ 12 ක් වාර්තා කරගනිමින් සහ තරග හතරක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින්ය.

පසුගිය ලීග් ශූරයන් වූ කොළඹ කණ්ඩායම එක් තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන හිමිකර ගෙන සිටියි.

 

රග්බි ලීග් සටනේ මහනුවර අපරාජිතයි

 

 

රග්බි පිටියේ සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය එකට මුසුකර ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ දැඩි ආරක්ෂිත ක්‍රීඩා විලාශය නිසාම මෙවර රග්බි ලීග් තරගාවලියේ පළමු අදියර නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතභාවය ආරක්ෂාකර ගැනීමට සමත් විය. පළමු අදියර නිමා කරමින් මෙවර තරග වැදුනේ මහනුවර සහ හැව්ලොක් සත්කාරක හැව්ලොක් පිටියේදීය. මහනුවර සිය අවසන් තරගයට පිවිසෙන විට තරග හයම ජය ගෙන තිබූ අතර හැව්ලොක් තරග හයෙන් පහක් ජය ගෙන තිබුණි. පළමු අදියර නිමාකරමින් පැවැති තරගය දෙපිලටම වැදගත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එකී ලකුණු ප්‍රමාණය බෙහෙවින් ම බලපාන බැවිනි. කෙසේ වෙතත් දෙපිල අතර තරගය නිමාවට පත්වූයේ මහනුවරට විශිෂ්ට ජයක් හිමිකර දෙමින්ය.

පසුගිය වසර ත්‍රිත්වයේදීම පිට පිට රග්බි ලීග් ශූරයන් වූ මහනුවර සිය බලකොටුවේදී පරාජය කරමින් අපරාජිත ගමනට තිත තබන්නට මාන බලමින් සිටි හැව්ලොක් කණ්ඩායම මේ තරගයේ පළමුභාගය නිමාවන විට තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුවද, මහනුවර කණ්ඩායම තරග නිමා කළේ ඒ සියලු බැමි කඩා බිඳ දමමින්ය.

විසි අටවැනි වියේ පසුවන ගයාන් වීරරත්නගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන මහනුවර කණ්ඩායම ලාංකේය රග්බි පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන්ම සන්නද්ධය.

වැඩිම වාර ගණනක් රග්බි ලීග් කිරුල දිනා ගෙන ඇත්තේ ද මහනුවරයි. දහ අටවතාවක් රග්බි ලීග් කිරුළ දිනා ගෙන ඇති මහනුවර 2001 සිට 2011 දක්වා අඛණ්ඩව 11 වතාවක් ජය ගෙන තිබිම ද විශේෂත්වයකි.

ඊට අමතරව හැව්ලොක් 14 වතාවක් රග්බි ලීග් කිරුළ දිනා ගෙන ඇති අතර අවසන්වරට ජය ගෙන ඇත්තේ 2012 දීය. සී. ආර්. එෆ්. සී. 13 වතාවක් රග්බි ලීග් කිරුළට හිමිකම් කියන අතර අවසන් වරට ජය පැන් පානය කර ඇත්තේ 1998 දීය.

 

 

42 වන ශ්‍රී ලංකා ජාතික කරාතේ ශූරතාව - 2017

 

 

කාතා සහ කුමිතේ යන කාණ්ඩ දෙක යටතේ පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ඉන්ටර්නැෂනල් කෙන්බු කායි සංගමය - ඇඹුල්දෙනිය ශාඛාව

පසුපෙළ වමේ සිට - ෂ්‍යොනි කෞශල්‍යා (රිදී සහ ලෝකඩ පදක්කම්), දුල්ෂාන් විරතුංග (රිදී පදක්කම්), ඉරේෂා ද සිල්වා (රිදී පදක්කම්), ජයනි බස්නායක (ලෝකඩ පදක්කම්)

ඉදිරිපෙළ දකුණේ සිට - ජනනි සඳුනිකා (රන් පදක්කම්), ප්‍රධාන උපදේශක - ෂිහාන් ලසන්ත කලුආරච්චි (4 වන කලු පටි ශ්‍රේණිය), පුහුණුකරු - සෙන්සේ විශ්මිත දසනායක (3 වන කලුපටි ශ්‍රේණිය)

 

 

  

 

 

 

 

 

Comments