
ක්‍රිකට් ක්‍රීඩා ලොවයි සිනමා ලොවයි අතර ඉතා සමීප සබඳතාවයක් තිබේ නම් ඒ ඉන්දියාවේ විය යුතුයි. එම නිසාම ක්‍රිකට් සහ සිනමා තරු අතර පෙම් සබඳතා මෙන්ම විවාහයන් සිදුවීමත් සාමාන්‍යය දෙයක් බවට පත්වී තිබේ.
එම සිදුවීම් අතරට වත්මන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිතම තරුව සහ නායකයාත් වන විරාත් කෝලිගේ විවාහයත් පසුගිදා එක් විය. කෝලි විවාහ වූයේ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වන අනුෂ්කා ෂර්මා සමඟිනි.
29 හැවිරිදි කෝලි සහ අනුෂ්කා 2013 වසරේ සිට පෙම් යුවළක් ලෙසට සිටියහ. ඔවුන් ඉකුත් දෙසැම්බර් මස 11 වැනිදා විවාහ වූයේ මධ්‍යම ඉතාලියේ ටස්කනි කලාපයේය. ඉන් අනතුරුව රෝමයේදී මධු සමය ගත කළහ.
ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කලා ලොවේ නිළියන්, ගායිකාවන් සහ මෝස්තර නිරූපිකාවන් විවාහ වූ අවස්ථා කිහිපයක්ම තිබේ. ඒ කෝලි - අනුෂ්කා විවාහයට පෙරය.
මොෂින් ඛාන් - රීනා රෝයි
මොෂින් 1977 - 86 අතර කාලයේ දී පාකිස්තානය නියෝජනය කළේ ආරම්භක පිතිකරුවකු වශයෙනි. හෙතෙම කඩවසම් පුද්ගලයෙකි. ඔහු කෙටි කලක් නළුවකු වශයෙන් බොලිවුඩ් සිනමාවටත් සම්බන්ධය. මොෂින් කලක් විවාහ වී සිටියේ ඉන්දීය නිළියක් වූ රීනා රෝයි සමඟිනි. මෙම යුවළට දියණියකුත් සිටිහ. කෙසේ හෝ පසුව මේ විවාහය බිඳ වැටුණි.
ටයිගර් පතවුදි - ෂර්මිලා තාගෝර්
ටයිගර් පතවුදි හෙවත් මන්සුර් අලි ඛාන් පතවුදි 1961 - 75 අතර ක්‍රීඩා කළේය. එමෙන්ම ඉන්දීය නායකත්වයත් දැරීය. ඔහු 1968 වසරේදී විවාහ වූයේ ජනප්‍රිය නිළියක් වූ ෂර්මිලා තාගෝර් සමඟිනි. එය නිමා වූයේ 2011 වසරේදී පතවුදි මිය යාමත් සමඟිනි. මෙම විවාහය නිසා ෂර්මිලා ඉස්ලාම් දහම වැළඳ ගත්තාය. එමෙන්ම අයේෂා සුල්තානා ලෙස නමත් වෙනස් කර ගත්තාය. මේ යුවළට දූ දරුවන් තිදෙනෙකි. මින් සයිෆ් අලි ඛාන් සහ සෝහා අලි ඛාන් මව මෙන්ම රඟපෑම තෝරා ගත්හ.
තිලකරත්න ඩිල්ෂාන් - මංජුලා තිළිණි
1999 - 2016 අතර කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරව විශිෂ්ට දක්ෂතා දැක්විය. එමෙන්ම නායකත්වයත් දැරීය. ඔහු විවාහ වූයේ ජනප්‍රිය නිළියක් වූ මංජුලා තිළිණි සමඟිනි.
කෙවින් පීටර්සන් - ජෙසිකා ටේලර්
දකුණු අප්‍රිකාවේ දී උපත ලැබුවත් 2004 - 14 අතර කාලයේ දී ජාත්‍යන්තරව විශිෂ්ට දක්ෂතා දැක්වූයේ තම මවගේ රට වන එංගලන්තය වෙනුවෙනි. පීටර්සන් 2007 වසරේදී විවාහ වූයේ එංගලන්තයේ ජෙසිකා ටේලර් සමඟින්ය. ඇය බ්‍රිතාන්‍ය - අයර්ලන්ත සංගීත කණ්ඩායමක් වූ ලිබර්ට් එක්ස් හි ගායිකාවකි. මේ වන විට ඔවුනට දූ දරුවන් දෙදෙනෙකි. ඒ ඩිලන් සහ රොසීය.
හර්බජන් සිං - ගීතා බස්රා
දකුණතින් පිට දඟ පන්දු යවමින් සුපිරි දස්කම් හර්බජන් දැක්වූයේ ඉන්දියාව වෙනුවෙන් 1998 - 2016 දක්වාය. 2015 වසරේදී ඔහු විවාහ වූයේය. ඔහුගේ බිරිය වූ ගීතා නිළියකි. හර්බජන්ගේ දිගුකාලීන පෙම්වතිය වූයේත් ඇයමයි. මෙම පවුලට හිනායා දියණිය 2016 වසරේද එක් වූවාවය. ඇය උපත ලැබුවේ එංගලන්තයේදීය.
ග්‍රෙහැම් ස්මිත් - මෝර්ගන් ඩියෑන්
හිටපු දකුණු අප්‍රිකානු නායකයෙකි. ඔහු 2002 - 14 අතර ජාත්‍යන්තරව ක්‍රීඩා කරන ලදි. ඔහු 2011 - 15 අතර විවාහ වී සිටියේ අයර්ලන්ත ගායිකාවක් වූ මෝර්ගන් සමඟිනි. මේ යුවළට කැඩෙන්ස් දියණියත් කාටර් පුතුත් සිටිති.
මොහොමඩ් අසාරුදීන් - සංගීතා බිජ්ලානි
විශිෂ්ට පිතිකරුවෙකි. එමෙන්ම නායකයෙකි. 1984 - 2000 දක්වා ජාත්‍යන්තරව ඉන්දියාව නියෝජනය කළේය. අසාර්ගේ දෙවැනි බිරිය වූයේ සංගීතාය. ඒ 1996 - 2010 දක්වාය. ඇය 1980 මිස් ඉන්දියා රූප සුන්දරියයි. එමෙන්ම පසුව නිරූපිකාවක් මෙන්ම නිළියකි.
ස්ටුවර්ට් මැගිල් - රේචල් ෆ්‍රෙන්ඩ්
1998 - 2008 අතර දක්වා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ දකුණත් පා දඟ පන්දු යවන්නෙක් වශයෙනි. ඔහුගේ බිරිය වූයේ රේචල්ය. ඒ 2000 - 13 දක්වාය. ඇය නිළියකි. එමෙන්ම මාධ්‍යවේදිනියකි. මේ යුවළට දරුවන් දෙදෙනෙකි.
ෂහීර් ඛාන් - සාගරිකා ගාට්ගේ
වමතින් මද වේග පන්දු යවමින් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ඒ 2000 - 14 දක්වාය. ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූයේ ඉෂා ෂර්වානිය. නමුත් මෙම වසරේදී ඔහු විවාහ වූයේ සාගරිකා සමඟිනි. ඉෂා මෙන්ම සාගරිකාත් නිළියකි.
ප්‍රශාන්ත ඇල්පිටිය










