
නිහාල් පී. අබේසිංහ
පොලිතින් පිච්චීමෙන් හා වාහනවල දුමෙන් සිදුවන දූෂණය නිසා පිළිකා හෘදරෝග, ආඝාතය හා නිල් දරු උපත් ඇතිවීමේ ඉඩකඩ ඇතැයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර සේවා) වෛද්‍ය සුමල් නන්දසේන මහතා පවසයි.
පොලිතින් පිළිස්සීමෙන් එන දුමේ ඩයොක්සින් ෆියුරාන් හා කාබන් මොනොක්සයිඩ් අඩංගු වන බවත් වාහන දුමේ සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රන් ඔක්සයිඩ් හා අවලම්බිත ක්ෂුද්‍ර ජීවීන් බහුල බවත් ඔහු කියයි.
ළිපේ වායු දූෂණය නිසා නිවසේ ඇතුළත සිටින අයට ශ්වසන රෝග, පෙනහළු පිළිකා, මුත්‍රාශ්‍ර පිළිකා ඇතිවීමට ඉඩ ඇති බවත් මේ නිසා නිල් දරු උපත්, අඩුබර දරු උපත් හා ආඝාතය ඇතිවීමට ඉඩ ඇති බවත් වෛද්‍ය සුමාල් නන්දසේන පවසයි.
පොලිතින් පිළිස්සීමට පාරිසරික නීති අනුව දැන් තහනම් කර තිබේ. තම ගෙවත්තේ වුවද පොලිතින් පිළිස්සීම දඬුවම් ලැබිය හැකි වරදකි. ජාතික පාරිසරික පනත අනුව වසර දෙකක සිර දඬුවමක් හෝ/හා රුපියල් ලක්ෂ 10 ක දඩයක් නියම කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.