
පුරාවිද්‍යා ස්ථාන, ස්මාරක හා පුරාවස්තූ හානියට පත් කරන පුද්ගලයන්ගේ දත්ත සංචිතයක් සකස් කෙරෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතා ප්‍රකාශ කරයි.
එසේ සකස් කරන ලද දත්ත ගොනුවේ පුරාවිද්‍යා ස්ථාන, ස්මාරක හා පුරාවස්තූන්ට හානි පැමිණවූ, අස්ථානගත කළ හා අනවසර වෙළෙඳාමෙහි නිරත වීමෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ගේ නම් හා තොරතුරු අන්තර්ගත කරනු ලබන බවද, යම් ලෙසකින් ඒ සංචිතයේ නම් හා තොරතුරු සඳහන් පුද්ගලයකු යළි එම වරදට වරදකරු වූ විට ඔහුගේ පෙර-වැරදි පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.