
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වර්ධනය කිරීම සඳහා වන කාර්යයට සහාය දැක්වීම පිණිස සඳහා මුහුදු රළ මඟින් විදුලිය නිපදවීමට සහාය දීමට පින්ලන්තය එකඟ වී ඇත.
පින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ජර්කි කාටයින් මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමු වී එම අමාත්‍යාංශයේදී සිදු කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇති තිබේ. මේ කාර්යය සඳහා අවශ්‍ය සහන ණය ලබාදීමටත් එරට තාක්ෂණික ඥානය ලබා දීමටත් මෙහිදී එකඟ වී ඇත.
දකුණු ආසියාවේ පැය 24 පුරා අඛණ්ඩව විදුලිය සපයනු ලබන, එකම රට ශ්‍රී ලංකාව බවට පත් වීම සම්බන්ධව පින්ලන්ත මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී තම සතුට පළ කර තිබේ.