ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නෑ | Page 3 | සිළුමිණ

ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නෑ

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමග වෙනත් මැතිවරණ කාලවලදී මෙන් විශාල ප්‍රචණ්ඩකාරි වාතාවරණයක් වාර්තා වන්නේදැයි 'සිළුමිණ' කළ විමසීමේදී, එවැන්නක් මෙතෙක් වාර්තා වී නැතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පසුගිය 14 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයකු මියයෑම පිළිබඳ සිද්ධියක් වාර්තා වී තිබුණත් එය මැතිවරණ ප්‍රචණ්ඩත්වයට අදාළ සිදු වීමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඔහු නිවෙසේ සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරු මිය ගොස් ඇති බවත් කියා සිටියේය.

එහෙත් පාසල් ළමයින්ගේ සාමාන්‍ය පෙළ විභාගය නොසලකා හරිමින් පෙළපාලි යෑම හා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම උචිත නොවන බවත්, එසේම විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් භාණ්ඩ බෙදාදීම නිවැරදි නොවන බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පත්වීම්, උසස් කිරීම් හා මාරු කරහැරීම් ආදී සිදු වීම් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී තිබෙන නමුත් මැතිවරණයක් පැවැත්වූ පමණින් එවැනි අත්‍යවශ්‍ය ආයතනමය කාරණා සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බවත් ප්‍රකාශ කළේය. 

 

Comments