22 න් පහළ පිරිමි කිරුළ හලාවත ඒකාබද්ධට ද? විජයබාට ද? | Page 2 | සිළුමිණ

22 න් පහළ පිරිමි කිරුළ හලාවත ඒකාබද්ධට ද? විජයබාට ද?

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22 පහළ පිරිමි අවසන් මහා තරගයට හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සහ හුංගම විජයබා ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබේ.
හුංගම විජයබා ක්‍රීඩා සමාජය වට 3 - 1 කින් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය, පසුගිය වසරේ ශූරයන් වූ සීදූව දවිසමර ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තෙවැනි ස්ථානය සඳහා දවිසමර සහ රාජසිංහ අතර පැවැති තරගයට රාජසිංහ නොපැමිණීම නිසා දවිසමරට නිතරග ජයක් හිමිවිය.
2016 වසරේදී මෙහි පිරිමි ශුරතාව හිමිකර ගත්තේ සීදූව දවිසමර කණ්ඩායමයි. ඔවුන් අවසන් තරගයේදී රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම තරග වට 3 - 1 කින් පරාජය කළහ. ඒ ලකුණු 25 - 23, 15 - 25, 12 - 25, 19 - 25 කි.
එහිදී දක්ෂතම ක්‍රීඩකයා වූයේ අයේෂ් පෙරේරාය. හොඳම පන්දු ඔසවන්නා ධනුෂ්ක ඩිල්ශාන්ය. හොඳම ප්‍රහාරකයා රොහාන් මධුශංකය. ඔවුන් තිදෙනාම නියෝජනය කළේ දවිසමර කණ්ඩායමයි.

Comments