
මේ වන විට ක්‍රිකට් ලොව විශිෂ්ටතම පිතිකරුවන් කිහිපදෙනෙකුම සිටිති. ඒ අතරට ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා, ඒ. බි. ඩි විලියර්ස්, නවසීලන්තයේ කේන් විලියම්සන්, එංගලන්තයේ ඇලෙස්ටෙයාර් කුක්, ජෝ රූට් සහ ඉන්දියාවේ විරාත් කෝලි අයත් වෙති.
ඔවුන් අතරින් විශිෂ්ටතමයා කවුරුද? බොහෝ දෙනාට අනුව ඒ ඉන්දීය නායක විරාත් කෝලිය. දකුණතින් පන්දුවට පහරදෙන 29 හැවිරිදි කෝලි ඒ බව යළිත් වතාවක් තහවුරු කළේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 03 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේදීය.
දිල්ලියේ ෆෙරොෂ් ෂාහ් කොට්ලා ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවන ටෙස්ට් තරගයේදී තම 06 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කර ගනිමින් කෝලි ලෝක සහ ජාතික වාර්තා කිහිපයක්ම පිහිටුවිය. එහිදී ඔහු ටෙස්ට් ලකුණු 5000 ත් ඉක්මවිය. ඔහු මෙම ද්විත්ව ශතකය (ලකුණු 243) රැස් කළේ ඉන්දීය පළමු ඉනිමේදීය. එය ඔහුගේ වැඩිම ඉනිමක ටෙස්ට් ලකුණු ගණනත් වේ.
කෝලිගේ උපන් ගම වනුයේ ද දිල්ලිමය. එමෙන්ම දේශීයව තරග කරන්නේ ද ෆෙරොෂ් ෂාහ් කොට්ලා පිටියේදීමය.
ලාරාගේ ලෝක වාර්තාව කෝලිට
මෙම තරගයේදී වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ගණනක් රැස් කළ නායකයා බවට කෝලි නව ලෝක වාර්තාවක් පිහිටුවිය. මීට පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි බ්‍රයන් ලාරාය. ඔහුට ද්විත්ව ශතක 05 කි.
නායකයා තරග ඉනිම් ද්වි ශතක
1. විරාත් කෝලි (ඉන්දියාව) 32 50 06
2. බ්‍රයන් ලාරා (බටහිර ඉ. කො.) 47 85 05
3. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) 24 38 04
4. ග්‍රෙහැම් ස්මිත් (ද.අපි‍්‍රකාව) 109 193 04
5. මයිකල් ක්ලාර්ක් (ඔස්ට්‍රේලියාව) 47 86 04
ශ්‍රී ලංකාවට එරෙහිව මෙවර තරගමාලාවේදී කෝලි තරග 03 දී පිට පිටම ශතක 03 ක් රැස් කළේය. ඒ ද්විත්ව ශතක දෙකක්ද සමඟිනි. එවැනි දස්කමක් කළ ලොව ප්‍රථම ටෙස්ට් නායකයාත් කෝලි වේ. ඒ තරග 03 ක තරගමාලාවකදීය.
මෙම වසරේදී ඔහු රැස් කළ තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකයත් මෙය වේ. ඔහු 2016 වසරේදීත් ද්විත්ව ශතක 03 ක් රැස් කළේය. එවැනි දස්කමක් කළ ලොව ප්‍රථම පිතිකරුවාත් කෝලි වේ.
කෝලිට ද්විත්ව ශතක 06
වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක රැස්කළ ඉන්දීය පිතිකරුවන් අතර සම මුල් තැනට කෝලි පත්විය. ඒ සචින් තෙන්දුල්කාර් සහ විරේන්දර් ෂේවාග් සමඟිනි. තෙන්දුල්කාර්ට ද්විත්ව ශතක 06 කි. ෂේවාග්ට ත්‍රිත්ව ශතක 02 කි. ද්විත්ව ශතක සතරකි.
කෝලිගේ ද්විත්ව ශතක
1. ලකුණු 243 ශ්‍රී ලංකාවට දිල්ලි 2017
2. 235 එංගලන්තයට මුම්බායි 2016
3. 213 ශ්‍රී ලංකාවට නාග්පූර් 2017
4. 211 නවසීලන්තයට ඉන්දෝර් 2016
5. 204 බංග්ලාදේශයට ඩෙකන් (හයිදරාභාද්) 2017
6. 200 බටහිර ඉ. කො. ඇන්ටිගුවා 2016
පිට පිට ටෙස්ට් ඉනිම් ශතක 03 ක් රැස් කළ 06 වැනි ඉන්දීය පිතිකරුවාත් කෝලිය.
1. විජේ හසාරේ (1949 - 51)
2. පොලි උම්රිගාර් (1961)
3. සුනිල් ගවස්කාර් 1971 / 78 (දෙවතාවක්)
4. විනෝද් කම්බ්ලි 1993
5. රාහුල් ඩ්‍රාවිඩ් 2002
6. විරාත් කෝලි 2017
පිට පිට ටෙස්ට් ද්විත්ව ශතක දෙකක් රැස් කළ ලොව 06 වැනි පිතිකරුවා බවටත් කෝලි පත් වූයේය.
1. වොලි හැමන්ඩ් (එංගලන්තය) 1928/33 (දෙවතාවක්)
2. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) 1934
3. විනෝද් කම්බ්ලි (ඉන්දියාව) 1993
4. කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව) 2007
5. මයිකල් ක්ලාර්ක් (ඔස්ට්‍රේලියාව) 2012
6. විරාත් කෝලි (ඉන්දියාව) 2017
කෝලි මෙම තරගයේදී රැස් කළේ තම 20 වැනි ටෙස්ට් ශතකයයි. ඒ සමඟම අඩුම ඉනිම් ගණනකදී එම දස්කම දැක්වූ 05 වැනි පිතිකරුවාත් කෝලිය.
1. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) ඉනිම් 55
2. සුනිල් ගවස්කාර් (ඉන්දියාව) 93
3. මැතිව් හේඩන් (ඔස්ට්‍රේලියාව) 95
4. ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව) 99
5. විරාත් කෝලි (ඉන්දියාව) 105
නායකයකු වශයෙන් ටෙස්ට් ලකුණු 3000 ක් අඩුම ඉනිම් ගණනකදී රැස් කළ පිතිකරුවන් 05 අතරටත් එක්වීමට කෝලි සමත් වී තිබේ.
1. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) ඉනිම් 37
2. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 48
3. ග්‍රෙහැම් ගුච් (එංගලන්තය) 49
4. ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව) 50
5. විරාත් කෝලි (ඉන්දියාව) 50
මෙම තෙවැනි ටෙස්ට් තරගයේදී කෝලි ලකුණු 5000 ඉක්මවීමටත් සමත් විය. ඒ අනුව ටෙස්ට් ලකුණු 5000 ක් රැස් කළ 11 වැනි ඉන්දීය පිතිකරුවාත් ඔහු වේ. එමෙන්ම සිවුවැනි වේගවත්ම (අඩුම ඉනිම් ගණනකදී) එම දස්කම කළ ඉන්දියානුවාත් ඔහුය.
1. සුනිල් ගවස්කාර් ඉනිම් 95
2. විරේන්දර් ෂේවාග් 99
3. සචින් තෙන්දුල්කාර් 103
4. විරාත් කෝලි 105
මෙහි ලෝක වාර්තාව ක්‍රිකට් ඉතිහාසයේ අසිරිමත්ම පිතිකරුවා වන ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට හිමිය. ඔහුට ඉනිම් 56 කි.
ඉහත දස්කම් දැක්වූ දැනට ක්‍රීඩා කරන පිතිකරුවන් අතර සම දෙවැනි තැනත් කෝලිටය
1. ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව) ඉනිම් 97
2. ජෝ රූට් (එංගලන්තය)
විරාත් කෝලි (ඉන්දියාව) 105
4. හෂිම් අම්ලා (දකුණු අප්‍රිකාව 109
ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව)
6. කේන් විලියම්සන් (නවසීලන්තය) 110
ප්‍රශාන්ත ඇල්පිටිය










