අයියෝ පංචායුදේ | Page 2 | සිළුමිණ

අයියෝ පංචායුදේ

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කළේ ජවිපෙ හිටපු විමල්ට මිස පංචායුදය එල්ලාගත් ත්‍රාඩ විමල්ට නොවේ. තමන්ගේම සිහින ලෝකයක කිරුළු දරන්න සිහින දැක්ක විමල් හදාගත්ත පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ය. ඒකේ මුල්කාලීන සලකුණ ඔටුන්නය. පස්සේ ඒක පංචායුදය විය. විමල් විමල්ම මවුබිවේ ‘පංචායුදය’ අභිෂේක කරවා ගත්තේය. පටන්ගද්දීම ඔටුන්න ගැලවුණ විමල් අන්තිමට ඒ භීතියටදෝ පංචායුදය එල්ලා ගත්තේය.

පක්ෂය තුළ ඔහු ඒකාධිපතියෙක් විය. වෙනත් පක්ෂවල නායකයන්ට ඒකාධිපතියන් ලෙස සමච්චල් කළ විමල් විමල්ගේ පක්ෂයේ ‘ඒකාධිපතියා’ විය.

පංචායුදය කියන්නේ කුඩා කල ගෙල පැලඳ ලොකු වූ විට ගලවා වීසි කරන එකක් ය.

විමල්ගේ පක්ෂයට වෙන්නේ එහෙම දෙයක් බව පේන්නට තිබේ.

මහින්ද ඒ දවස්වල එජාපයෙන් බුරුතුපිටින් ගලවලා ගන්නකොට විමල්ලා උඩපැන පැන එජාපයට ගැසුවේය. 2010 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරු 81 ක්‌ පත්වූහ. එයින් 60 ක්‌ එජාපයේ මන්ත්‍රීවරු වූහ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 62 දක්‌වා අඩු කරන්නට මහින්ද කටයුතු කළේ විමල්ලාගේ අත්පොළසන් මැදය. දෙමළ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හා එජාපයෙන් සැදී ඇති විපක්ෂයයෙන් ආණ්‌ඩු පක්ෂයට පිල් මාරු කළ මන්ත්‍රී සංඛ්‍යාව 19 ක්‌ වන අතර එයින් 18 ක්‌ම එජාප මන්ත්‍රීවරුය. අනෙක්‌ මන්ත්‍රීවරයා අයත් වන්නේ දෙමළ සන්ධානයටය. එතෙක් මෙතෙක් එජාපයේ දැවැන්තම කඩා දැමීම මහින්ද කළේ එහෙමය.

එජාපයේ පවතින බිඳවැටීම බලා ගැනීමට මීට වඩා තවත් සාධකයක්‌ නැතැයි කිව හැකිය. මහින්ද විසින් එකවර එහි මන්ත්‍රීන් 17 ක්‌ තම පැත්තට ගැනීමෙන් මහින්ද දේශපාලන ඉතිහාසයේ එජාපයට කළ මාරාන්තිකම ප්‍රහාරය එල්ල කළේය.එජාපයේ නියෝජ්‍ය නායක, එජාපයේ ප්‍රධාන සංවිධායක සිට සියලු දිස්ත්‍රික්කවල බලකණු තමාගේ සෙවනට ගෙන මහින්ද එජාපයට මරණයේ මාවත කපා දුන්නේය.

යූ.ඇන්.පී, කාරයෝ අන්ත අසරණව හිතෙන් පමණක්‌ නොව ඇඟෙන් ද කඩා වැටෙන්නට පටන් ගත්හ. ඊට කෙටිකලකට පෙර ඔය විදිහේම සෙල්ලමකින් පොදු පෙරමුණ පෙරළුණේය. පාර්ලිමේන්තු බලයක්‌ හෝ එජාපය නිර්මාණය කර ගත්තේ, එස්‌. බී., ජී. ඇල්., බන්දුල, මහින්ද විජේසේකර ඇතුළු පිරිසක්‌ පො. එ. පෙ. සිට එජාපයට පිල් මාරු කර පැමිණීම හේතුවෙනි. කොහොම වෙතත් පක්ෂ කැඩීම ‘සාපයක්’ බවට පත්වන ඉතිහාසයක් තිබේ. පක්ෂ කඩා පිරිසක් අරගෙන ලබන තෘප්තිය කෙටි කාලීනය.

‘ඇමති තොගයක් වෝටර්ස් එජ්හිදී බැසිල් හමුවෙ.. 20ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බව සහතික කරයි..‘

ටික දවසකට පෙර මෙහෙම කීවේ විමල් වීරවංශට හිතවත් එක්තරා වෙබ් අඩවියක් ය. ඒ වෙබ් අඩවිය තවදුරටත් කියන්නේ බත්තරමුල්ල වොට්ර්ස් එජ් හෝටලයේ පැවති මෙම හමුව සංවිධානය කර තිබුනේ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න විසින් කියලාය. අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලංසා, සුසන්ත පුංචි නිලමෙ ඇතුළු ආණ්ඩුවෙ මැති ඇමතිවරන් පිරිසත් ඒ සඳහා සහභාගී වී ඇති බවත්, එම වෙබ් අඩවිය වර්තා කරයි. මේ මන්ත්‍රීවරු පවසා තිබෙන්නේ තව දුරටත් ආණ්ඩුවෙ රැඳී සිටිය නොහැකි තත්වයක් උදා වී ඇති බවය. ගම් මට්ටමෙ පාක්ෂිකයින් ආණ්ඩුවට දැඩි විරෝධය පළ කරන බවත් පෙන්වා දී ඇති මෙම පිරිස 20ක පමණ පිරිසක් සමග ස්ථිර වශයෙන්ම සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවත් වන බව සහතික කර ඇති බව වෙබ් අඩවිය කියයි.

එහෙම කියන වෙබ් අඩවිය එජාපයේ මන්ත්‍රී පිරිසක් රහසින් බැසිල් හමුවී සාකච්ඡා කරපු බවත් කියයි. ඒ කියන විදිහට 'ආණ්ඩුවේ ගමන' අද හෙටම ඉවරය.

‘පක්ෂ කඩන එක සෙල්ලමක් නෙවෙයි. රිටර්න් එක වදිනකොට දුවන්න වෙන්නේ’ දේශපාලනය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කීවේය.

ඒ කීව කතාව ගෙඩි පිටින් ඇත්ත වෙන්නේ විමල්ගේ පක්ෂය නාය යන හැටි දැක්කාමය. ‘කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන දේශපාලන ළදරුවෙකු’ ලෙස විමල් හැඳින්වීම වරදක් නොවේ. බලය වෙනුවෙන් ඕනෑම තක්කඩිකමක් කිරීමේ කැත පැවැත්ම විමල් අපූරුවට නඩත්තු කරන්නෙකි. ස්වකීය වාසිය වෙනුවෙන් මෙරට විතරක් නොව බටහිර කුමන්ත්‍රණද ඈඳා ගන්නා විමල් එකී භීතියෙන්ම ජීවත් වන්නෙක්ය.

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කළේ ජවිපෙ හිටපු විමල්ට මිස පංචායුදය එල්ලාගත් ත්‍රාඩ විමල්ට නොවේ. තමන්ගේම සිහින ලෝකයක කිරුළුදරන්න සිහින දැක්ක විමල් හදාගත්ත පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ය. ඒකේ මුල්කාලීන සලකුණ ඔටුන්නය. පස්සේ ඒක පංචායුදය විය. විමල් විමල්ම මවුබිවේ ‘පංචායුදය’ අභිෂේක කරවා ගත්තේය. පටන්ගද්දීම ඔටුන්න ගැලවුණ විමල් අන්තිමට ඒ භීතියටදෝ පංචායුදය එල්ලා ගත්තේය.

පක්ෂය තුළ ඔහු ඒකාධිපතියෙක් විය. වෙනත් පක්ෂවල නායකයන්ට ඒකාධිපතියන් ලෙස සමච්චල් කළ විමල් විමල්ගේ පක්ෂයේ ‘ඒකාධිපතියා‘විය.

ඔහු ‘මහින්ද වන්දනාව‘ සිදුකළේ මෙලෝ සිහියක් නැතිවය. 18වන සංශෝධනය ගෙනත් ප්‍රජාතන්ත්‍රවාදය කුඩු සංකායම් කරනවිට විමල් දෑත ඔසවා ඊට එකඟ විය. හිටපු අගවිනිසුරු එළවන විට ඔහු ඒ එළවීමේ ප්‍රමුඛතම මෙහෙයුමක හිටියේය.

ගිය ජනපතිවරණයේදී මෛත්‍රීට සමච්චල් කළ පිරිස අතර පෙරමුණේ රාල විමල්ය. ඔහුගේ ගෝත්‍රික බස්වහර අප්පිරියා සහගත එකක් විය. එහි දුඟඳ ඔහු ගොඩවෙන වේදිකාවලින් හමාවිත් රූපවාහිනී ආලින්ද පුරාද පැතිරිණ.

ඒ දුඟදෙහි ප්‍රතිඵල වින්දේ මහින්දය. දැන් ඒ දුඟඳ විමල් කරාම ඇදෙමින් තිබේ. විමල් දිනුවාය කියා පුරසාරම් දෙඩුවාට ඔහු හැමදාම පැරදිය. ඔහු දිනුවේ මහින්දගේ ආනුභාවයෙනි. ගමේ පාරක්වත් නොසෑදූ ශෂීන්ද්‍ර රාජපක්ෂ දිනුවේ මහින්ද නිසාය. විමල්ද එසේමය. ඔහුගේ පක්ෂයට මහපොළොවක් නොතිබ්බේය. ඒක පෙනුනේ වරක් කඩුවෙල නගරාධිපති බුද්ධදාසගෙන් ලද පරාජයෙනි. බුද්ධදාස වරක් විමල්ට අභියෝග කළේ තමන්ව පරාජය කරන ලෙසය. බලය උපරිමව තියෙද්දීත් කඩුවෙලට දැමූ විමල්ගේ නියෝජිතයා බුද්ධදාසට පරාජය විය. හැම පළාත් සභා මැතිවරණයකදීම විමල්ගේ පක්ෂය ලැබුවේ පරාජයන්මය.

විමල්ට ගැඹුරු දේශපාලනයක් නැත. ඒ වෙනුවට තිබ්බේ විහිළු සහගත නාඩගම්ය. වරක් ඔහු එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කළ උපවාසය හොඳම උදාහරණයකි.‘පාර්ලිමේන්තුවට බෝම්බ ගසනවා’ කියා විමල් තක්කඩි ප්‍රකාශයක් කළා මදිවට ඒක සාධාරණීකරණයද කරන්න ගියේය. අන්තිමට පියසිරි විජේනායක කීවේ ‘විමල්ගේ කතාවෙන් භීතියට පත්වූ’ බවය.

පක්ෂයේ උප නායකයා, ජාතික සංවිධායකවරයා, ප්‍රධාන ලේකම්වරයා ත්‍රිකුණාමලයේ ජාතික කොඩිය එසවූ ජයන්ත විජේසේකර දැන් ඔහු දමා ගොස්ය. නායකයා විතරක් සිටියදී ලෝක ඉතිහාසයේවත් පක්ෂයක් මෙහෙම හේදිලා ගිය බවක් හොයා ගන්නට අමාරුය.

ශ්‍රීලනිපය සමඟි කිරීමේ වැඩේ කඩා දැමීමේ චූදිතයන් දෙන්නා ගම්මන්පිල සහ විමල්ය. ගම්මන්පිලගේ පක්ෂයේ ඉන්නේ ඔහු විතරය. දැන් විමල්ටද වෙලා තියෙන්නේ ඒකය. දැන් ඉතිරිව තියෙන්නේ දෙබෑයන්ට එකතුවී පක්ෂයක් හදාගෙන සෙල්ලම් ගෙයක් දාන එකය.

 අනුරාධ මහඋල්පත 

Comments