
ශ්‍රී ලංකාවේ පුරෝගාමී හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ලබන දෙසැම්බර් 11 වැනි සඳුදා පස්වරු 4ට පවත්වන්නට කටයුතු යොදා තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග,මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ඉන්දීය ජනමාධ්‍යවේදී ෆෙඩරේෂනයේ සභාපති සහ ලේකම් ඇතුළු 25 දෙනකුගෙන් යුත් ඉන්දීය ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් මේ උත්සවයට සහභාගි වන්නට නියමිතය.
මෙදින උපහාර ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දස දෙන මෙසේය.