ඒ කාලේ සහ මේ කාලේ | Page 5 | සිළුමිණ

ඒ කාලේ සහ මේ කාලේ

 ‘අපේ රටේ ගිනිකඳු තිබුණෙත් නෑ. භූමිකම්පා තිබුණෙත් නෑ’

‘නියඟයක් ආවත් ඒ කලාතුරකින්’

‘වියළි පළාත්වලට හැරෙන්න වතුර හිඟයක් තිබුණෙත් නෑ’

‘ඒත් දැන් පොඩි වැස්සකට වුණත් කඳු නාය යනවා’

‘කඳු පළාත්වලින් විශාල ප්‍රදේශයක් නාය අවදානම් කලාප වෙලා’

‘ලංකාව ස්වාභාවික විපත්වලින් අඩු වාසනාවන්ත රටවක් විදිහටයි සැලකුණේ’

‘ඒත් පහුගිය අවුරුදු දෙසීය තිස්සේ අපේ රටේ වුණු දේවල් නිසා දැන් අපිම හදාගත්ත විපත් ඇවිල්ලා’

‘කඳුවල කැලෑ කපලා අක්‍රමවත් විදිහට කඳුවල ගෙවල් හදාගෙන පාරවල් කපලා ඔය විදිහට දැන් අපි ගිනිකඳු භූමිකම්පා නැතිවට අපේ රට නාය යන රටක් කරගෙන’

‘කැලෑ විනාශය නිසා වැහැපු ගමන් ගංවතුර. දවස් දෙක තුනකට පස්සේ නියං’

‘බැඳුම්කර ගැන කතා කර කර හිටියාම සේරම හරි’

‘ඒව ගැනත් කතා කරන්න ඕනැ’

‘ඇත්ත ප්‍රශ්න ගැන ඇත්ත උනන්දුවක් නෑ’

‘ලොකු ප්‍රශ්න පොඩි කරගෙන. පොඩි ප්‍රශ්න ලොකු කරගෙන’

‘නාය යන එක කවදාවත් දේශපාලනඥයෝ ප්‍රශ්නයක් හැටියට මතුකරන්නේ නෑ’

‘මොකද ඒකට දීර්ඝකාලීන සැලසුම් විසඳුම් ඕනැ’

‘සමහර විට ඒවා ජනප්‍රිය විසඳුම් නොවෙන්නත් පුළුවන්’

‘ඉස්සර ඡන්දය දිනන එකට වඩා අනාගතයක් ගැන හිතන දේශපාලන නායකයෝ කීයෙන් කී දෙනාද ඉන්නේ’

‘අනාගතයේ දී ලංකාවේ ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ නායයාම් සහ නියඟ’

‘ඒත් මේ දෙකම බොහෝ දේශපාලනඥයන්ට පොඩි ප්‍රශ්නයක්වත් නෙමෙයි’

‘දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි මහජනතාවටත් එහෙම තමයි’

‘නායයෑම්වලට වඩා අනුහස්ගේ බැට් එක කැඩීම ගැන ජනතාව හිතනවා’

‘ජනතාවගේ හැටි එහෙම තමයි’

‘ඇත්තටම දේශපාලනඥයෝ ඉදිරි ඡන්දය ගැනවත් හිතනවා. ඒත් ජනතාව හිතන්නේ මෙගා ටෙලිනාට්‍යයේ ඊළඟ කොටසේ මොකක් වෙයිද කියලා විතරයි’

‘රට හදනවා නම් ඒකේ තේරුම තමයි නාය යන්නේ නැති විදිහට රට හදන එක’

‘ඒත් මෙච්චර කාලයක් තිස්සේ වෙලා තියෙන්නේ මාසෙන් මාසේ පොඩි වැස්සකට වුණත් නාය යන රටක් හදන එක’

‘ගංවතුර නාය යාම් ටීවී එකෙන් බලන ටෙලිනාට්‍යයක් නිව්ස් එකක් කර නොගෙන ඊට වඩා දෙයක් හිතන්න අපි කවදා පුරුදු වෙයිද?’

Comments