
ආධුනික ශූරතා බෝයගමට සහ ගාල්ලට
කොටවල ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සුන්දර පළිගැනීමක පහස අත්විඳි ලංකා විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම යුද හමුදා කණ්ඩායම පහසුවෙන් තරග වට 3 - 0 ක් ලෙස පරාජය කරමින් 2017 මන්චි ජාතික ශූරතා වොලිබොල් කිරුළ දිනා ගනිද්දී යුද හමුදා කාන්තා කණ්ඩායමට ද පරාජය උරුම කර දෙමින් නැවත වතාවක් මන්චි ජාතික වොලිබෝල් කිරුළ තමන් සතුකර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් මෙන්ම පසුගිය වසරේ ශූරයන් වූ වරාය අධිකාරිය කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාජය කරමින් එකී වසරේ වරායට දෙවැනි වූ ලංකා විදුලිබල මණ්ඩලය මෙවර අවසන් පූර්ව තරගයේදී වාඩුව පිරිමසා ගත්තේ සුන්දර පළිගැනීමක් ලෙසය.
ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමේ දීප්ති රොමේෂ් සහ ගුවන් හමුදා කණ්ඩායමේ දිනේෂා ප්‍රසාදිනි අවසන් මහා තරග දෙකෙහි දැක්වූ සුවිශේෂි දක්ෂතා දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි ශූරතාවන්ට හිමිකම් කීමට ප්‍රමාණවත් විය. පසුගිය වසරේද දක්ෂතම පන්දු පිරිනමන්නිය වූ ගුවන් හමුදාවේ අනුෂා සඳමාලි මෙවරද දක්ෂතම පන්දු පිරිනමන්නියට අමතරව හොඳම ප්‍රහාරිකාවට හිමි ශූරතාවද දිනා ගත්තාය.
ආධුනික තරගාවලියේ
ආධුනික කාන්තා තරගාවලියේ ශූරතාව පිට පිට මෙවරත් හිමිකර ගැනීමට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සමත් විය. අනුශූරතාව මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයට හිමි විය. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සිරි පැරකුම් ක්‍රීඩා සමාජයේ නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධනට හිමි විය. ඩී. එස්. අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමිකර ගත්තේ නිමේෂිකා සෙව්වන්දියි.
පිරිමි තරගයේ ශූරතාව ගාල්ල එස්. එල්. ඒ. ඕ. සී. ක්‍රීඩා සමාජයට හිමි වු අතර අනුශූරතාව කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට හිමි විය. එච්. පී. ආරියරත්න දක්ෂතම ක්‍රීඩකයා විය.
මගෙන් යැපෙනවාට සතුටුයි
දිනේෂා ප්‍රසාදිනී
ගුවන් හමුදාව
පළමුවැනි වටය අපෙන් ගිළිහී ගියත් දෙවැනි වටයේදී අපේ අඩුපාඩු හදා ගෙන තරගයට එන්න පුළුවන් වුණා. තුන්වැනි තරග වටය 35 - 33 ක් විදියට යනකොට මම තමයි අපේ කණ්ඩායමේ ශක්තිය වුණේ. ලකුණෙන් ලකුණු යනකොට කාට වුණත් තිගැස්මක් ඇතිවෙනවා. හැබැයි මම ඒ වෙලාවේ මූලික වෙලා කණ්ඩායම වැටෙන්න නොදී එකමුතු කරගෙන ඉදිරියට ගියා.
මං ගැන මුළු කණ්ඩායම විශ්වාසය තියලා ක්‍රීඩා කරන කොට ඒක පීඩනයක් කියලා හිතන්නේ නෑ. ඒ දේ මම දන්නවා. මං ඒ ගැන සතුටු වෙනවා. කණ්ඩායම මගෙන් යැපීම ගැන නායිකාව විදියට සතුටු වෙනවා.
විදේශ පුහුණුකරුවකු ගේනවා
වොලිබෝල් සභාපති
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
අපේ ඉලක්ක කිහිපයක් තියෙනවා. ඉලක්කවලට යන්න සැලසුමක් ඕනා. අපි පසුගිය කාලයේ අපේ වොලිබොල් ක්‍රීඩාවේ ඉදිරිය ඉලක්ක කරගෙන සැලසුමක් සකස් කළා. ඉදිරි වසර දෙක කෙටි කාලීනව සහ සම්පූර්ණ වසර හතර දිගු කාලීන අපි වැඩ කරන්න ඕනා. මොනවද කියලා සැලසුම් කිරීම. අපි ජාතික ක්‍රීඩාව ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කරන ගමන්ම ජාත්‍යන්තරය ජය ගැනීමත් මූලික ඉලක්කයයි.
අපි ලබන වසරේ වොලිබෝල් සැණකෙළියක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ජනප්‍රිය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනප්‍රිය තරු බවට පත් කරන්න මාධ්‍ය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මීට අමතරව බීච් වොලිබෝල් සහ කනිෂ්ඨ ක්‍රීඩකයන් තේරීමේ තරගාවලියක් පවත්වලා ගමට කොටු වෙලා තියෙන වොලිබෝල් ක්‍රීඩාව නගරයට ගෙන්නත් සැලසුම් කරනවා.
අපි ඉක්මනින් ම ජාත්‍යන්තර පුහුණුකරුවකු ජාතික කණ්ඩායමට ගේනවා. අපි හුඟක් දුර ඇවිත් තිබ්බත් කොහේ හෝ නතරවෙලා ඉන්නවා. මේ පිම්මත් අපි පනින්න ඕනෑ. අපි විශේෂ වෙනස්කම් වලට යන්න ඕනෑ. අපේ පුහුණුකරුවන්ට බැරි නෑ. ඒත් අලුත් යමක් එකතු කරගන්න ඕනා. මන්චි ජාතික ශූරතාවලියට ඛ්ඕඹ් අතදීම අපි අගය කොට සලකනවා.
දේශීය ආයතනයක්
විදියට අත දුන්නේ
නලින් කරුණාරත්න
cbl ප්‍රධාන විධායක

දේශීය ආයතනයක් වගේම දේශීය සන්නාමයක් විදියට තමයි අපි වොලිබෝල් ක්‍රීඩාවට අත දුන්නේ. මීට අවුරුදු දහයකට කලින් වොලිබෝල් ක්‍රීඩාව තිබුණු තැන ගැන හිතලා තමයි අපේ අවධානය යොමුවුණේ.
අපට ඕනෑ වුණේ ජාතික ක්‍රීඩාවට ශක්තිමත් අත්වැලක් වෙන්නයි. මන්චි සන්නාමය යටතේ ඊට අනුග්‍රහය දක්වන්න අප ඉදිරිපත් වුණේ කිසිම පැකිලීමකින් තොරවයි.



හීන සැබෑවීමක්
ගයාන් මධුසංඛ
ලංකා විදුලිබල මණ්ඩලය
පසුගිය කාලයේ අපි අවසන් තරග කිහිපයකට ආවත් ඒ හැම අවස්ථාවකදී අනුශූරයන් වුණා. අද අපිට සතුටු වෙන්න පුළුවන් පසුගිය තරගවල ගිළිහී ගිය ශූරතා සියල්ල වෙනුවෙන් මන්චි ජාතික ශූරතාව දිනා ගන්න ලැබීම ගැන. අපි ප්‍රබල වරාය අධිකාරිය අවසන් පූර්ව තරගයේදී පරාජය කරලා ආවේ. මේ හීනය සැබෑ කරගන්න අපි කණ්ඩායමක් විදියට ලොකු කැප කිරීමක් කළා.
අවසන් පූර්ව තරගයේදී වරාය පරාජය කළත් අපි අවසන් තරගයට ආපු යුද හමුදා කණ්ඩායම අවතක්සේරු කළේ නෑ. අපි එතැනදි ප්ලෑන් කළේ යුද හමුදාවට හොඳ තරගයක් දීලා, ශූරතාව දිනා ගන්නයි.
බන්දුල ජයමාන්න










