මහනුවර පෙරමුණට | සිළුමිණ

මහනුවර පෙරමුණට

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තයේ තවත් තරග හතරක් නිමා විය. එහිදී සී. එච්. සහ එෆ්. සී. - හැව්ලොක් තුරග තරග පිටියෙත් සී. ආර්. සහ එෆ්. සී. - යුද හමුදා තරගය ලොන්ඩන් ප්‍රදේශයෙත්, ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවන මහනුවර සහ යුද හමුදා තරගය නිත්තවලදිත්, නාවික හමුදාව සහ පොලිසිය අතර තරගය වැලිසරදීත් පැවැත්විණි.

තෙවැනි සතිය ආරම්භ කරමින් සී. එච්. සහ සී. ආර්. කණ්ඩායම අතර පැවැති තරගයේදී විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් සී. එච්. ක්‍රීඩකයෝ මේ තරගවාරයේ ප්‍රථම ජය හිමිකර ගනිද්දී, සී. ආර්. ක්‍රීඩකයන්ට මෙවර ප්‍රථම පරාජය හිමිවිය.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර කණ්ඩායම නිත්තවලදී යුද හමුදා කණ්ඩායම තලාපෙලා දමමින් උත්සාහක දිනුම් 9 ක් ද සහිතව ලකුණු 58 - 13 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

දෙවැනි සති අන්තයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙමින් වැලිසරදී නාවික හමුදාව හමුවූ හැව්ලොක් කණ්ඩායමට මෙවර ප්‍රථම පරාජය එහිදී භුක්ති විඳීමට සිදුවිය.

රත්මලානේදී ගුවන් හමුදාව සහ පොලිසිය අතර තරගයෙන් ගුවන් හමුදාවට ජය හිමිවිය. තෙවැනි සති අන්තය නිමාවන විට පිළිවෙළින් මහනුවර, හැව්ලොක්, සී. ආර්. නාවික, සී. එච්., යුද, ගුවන් සහ පොලිසිය පෙරමුණ ගැනීමට සමත් විය.

Comments