
ලබන වසර පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් සඳහා වවුචර් පත් පාසල් නිවාඩුවට පෙර ලබා දෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මේ වන විටත් එම වවුචරපත් මුද්‍රණ කටයුතු අවසන් වෙමින් පවතින අතර හැකි ඉක්මනින් පාසල්වලට බෙදා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. එසේම පසුගිය අයවැයෙන් උසස් පෙළ සිසුන් අතට ලබා දිමට නියමිත වූ ටැබ් පරිගණකද ලබන නව පාසල් වාරය ආරම්භයේදි සිසුන් අතට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු යොදමින් පවතින බව අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.