සුනාමි දැනුවත් කිරීමක් | Page 2 | සිළුමිණ

සුනාමි දැනුවත් කිරීමක්

සුනාමි ආපදාවකදී ජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අදට (නොවැ. 05) යෙදෙන “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” නිමිත්තෙන් දියත් කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

ඒ අනුව (අද) යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම යන දිවයින පුරා සුනාමි අවදානම තිබෙන දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි එම වැඩසටහන පස්වරු 02.05ට දිස්ත්‍රික්ක 14ම තුළදීම එකම වේලාවකදී සිදුකිරීමට බලාපොරොත්තු වේ.

එම ජාතික වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතරදී පැවැත්වීමට නියමිතය.

එසේම සියලු ආපදා තොරතුරු ගැන 117 කෙටි දුරකථන අංකයෙන් ජනතාවට දැනගත හැකිය. 

 

Comments